27 April 2024
#දේශීය

“සිනමා ජාතික ප්‍රතිපත්තිය”අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වයි

රාජ්‍ය සිනමා උපදේශක මණ්ඩලය විසින් සම්පාදිත “සිනමා ජාතික ප්‍රතිපත්තිය” එම උපදේශක මණ්ඩලය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (24) අරලියගහ මන්දිරයේ දී පිළිගන්වන ලදි.

සිනමා ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේ මූලික අරමුණ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට නියාමන අධිකාරිය පිහිටුවීම බව රාජ්‍ය සිනමා උපදේශක මණ්ඩලයේ සභාපති ගාමිණී වේරගම මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ පැවසිය.

චිත්‍රපට කර්මාන්තය කර්මාන්තයක් ලෙස ශක්තිමත් කරමින් නිදහසේ වර්ධනය වීමට පරිසරය සැලසීම, පහසුකම් සැලසීම, ප්‍රමිතීන්, නිර්ණායක නිර්ණය කිරීම සහ ලාභාංශ සියලු පාර්ශව වෙත අගතියකින් තොරව බෙදී යාමට ඉඩහසර සැලසීම ඇතුළු අරමුණු දහයක් ඊට මූලික වශයෙන් ඇතුළත් කර ඇත.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය සිනමා උපදේශක මණ්ඩලය නියෝජනය කරමින් සභාපති ගාමිණී වේරගම, ජයන්ත චන්ද්‍රසිරි, අරුණ ලොකුලියන, නදීකා ගුණසේකර, අරුණ ගුණරත්න, රාජ් රණසිංහ මහත්ම මහත්මීහු සහ අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *