• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

6 – 11 ශ්‍රේණිය දක්වා නොමිලේ අධ්‍යාපනික අවස්ථා ලබා දීමට ශිල්ප දනව්ව අධයාපනික ආයතනය සූදානම්

2 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නිදහස් අධ්‍යාපනය දරුවන්ගේ මූලික අයිතිවාසිකමක් සේ සලකන ජන සමාජයක ජීවත් වන අප පාසල් කේද්‍රකරගත් විදිමත් අධ්‍යාපනය පරිසරය තවදුරටත් ඉත සිතින් අගය කරන්නෙමු.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව තුළ පාසල් අධ්‍යාපනය හැරුණු විට ගාස්තු අය කර උපකාරක පන්ති පවත්වමින් තවදුරටත් දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා විහිදුවාලීමට උපකාරක පන්ති පවත්වන ආයතන හා ගුරුවරුන් මහත් අස්වැසිල්ලක් වන බව ද නොරහසකි. කොවිඩ් 19 වසංගතය හා ඊට සමගාමීව අධ්‍යාපන පද්ධතිය තුළ පැන නැගුණු පෙර නොවු විරූ අර්බුද හා අභියෝග හමුවේ දරුවන්ගෙන් අය කළ පන්ති ගාස්තුවට අමතර අගයක් එකතු කරමින් උපකාරක පන්ති ගුරුවරුන්ද රජයේ පාසල්වල ගුරු භවතුන්ට නොදෙවෙනි සේවාවක් අඛණ්ඩව මාර්ගගත අධ්‍යාපනය හරහා ලබා දීමට කැපවීමෙන් කටයුතු කරනු ලැබීය.

ඒ අනුව, මෑත ඉතිහාසය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිමසාලිය නොහැකි පසුගාමි අවධියක් පසුකරමින් පශ්චාත් කොවිඩ් නව අධ්‍යාපන සුසමාදර්ශයක් වෙත අප ප්‍රවිශ්ඨ වෙමින් සිටී. එවන් පසුබිමක මාර්ගගත අධ්‍යාපනයෙන් මෙරට අධ්‍යාපන පද්ධතිය, ගුරු භවතුන්, ශිෂ්‍ය ප්‍රජාව පමණක් නොව සමස්ථ සමාජයම අත්විදී සාධනීය හා ධනාත්මක තත්ත්වයන් නැවත ආපසු හැරවිය යුතු නොවන බව අප තරයේ විශ්වාස කරන්නෙමු.

විශේෂයෙන් දිවයින පුරා විසිරි සිටින ආර්ථික අපහසුතා සහිත දරුවන්ට නොමිලේ අධ්‍යාපනික අවස්ථාවන් ලබා දීමට පැවති වැට කඩොළු හා දුරස්ථභාවයට මාර්ගගත අධ්‍යාපනය ඉතා හොඳ මෙවලමක් වන බැවින්, එය අවස්ථාවක් කරගෙන මෙරට සිසුපරපුරට නොමිලේ අධ්‍යාපනික අවස්ථාවන් ලබා දීමට ඇති හැකියාව පුළුල් කිරීම ඉතාම කාලෝචිත පියවරක් වනු ඇත.

කොවිඩ් 19 වසංගතය හමුවේ බිඳ වැටුණු අධ්‍යාපනික අවස්ථා සම්පූර්ණ කිරීමේ අභියෝගය හමුවේ 6 ශ්‍රේණියේ සිට 11 දක්වා ඉතා සුළු සිසුන් ප්‍රමාණයකට උපකාර පන්ති පවත්වමින් ලබාගත් දායකත්ව ගාස්තුව උපයෝගි කර ගනිමින්, කිසිසේත් පන්ති ගාස්තු ගෙවීමට නොහැකි දරුවන් විශාල පිරිසකට www. siyarata.edu.lk වෙබ් අඩවිය නිර්මාණය කරමින් නොමිලේ පන්ති පැවැත්වීම, නොමිලේ මාර්ගගත ප්‍රශ්න පත්‍ර සැපයීම, කෙටි සටහන් ලබාදීම හා Youtube චැනලය මගින් ඉගැන්වීමේ අවස්ථා ප්‍රවර්ධනය කරන ලද ආයතනයක් ලෙස ශිල්ප දනව්ව අධ්‍යාපන ආයතනය කැපී පෙනෙන කාර්යභාර්යක් දැනට වසරක පමණ සිට ඉටු කරන ලදී. පාසල් අධ්‍යාපනය බිඳවැටුණු මොහොතක, මුදල් ගෙවා උපකාරක පන්තියකට සහභාගිවීමට අවස්ථාවක් නොලද දරුවන්ට නොමිලේ සිදුකළ ඉගැන්වීම් කටයුතු මහත් අස්වැසිල්ලක් ම විය.

ප්‍රයිම් ටියුෂන් ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට මාර්ගගත අධ්‍යාපනය හරහා උපකාරක පන්ති පැවැත්වීමේ කලාව හඳුන්වාදෙන ලද ආයතනය වන අතර, අද වන විට වැඩිම සිසුන් ප්‍රමාණයක් හා වැඩිම උපකාරක පන්ති පවත්වන ගුරු භවතුන් ලියාපදිංචි වී සිටින ප්‍රමුඛ ම ආයතනය බවට පත්ව ඇත. දැනට වසරක පමණ කාලයක සිට ශිල්ප දනව්ව අධ්‍යාපන ආයතනය නොමිලේ පවත්වාගෙන යනු ලබන උපකාරක පන්ති හා අනෙකුත් සේවාවන් පිළිබඳව ඉතා විමසිල්ලෙන් බලා සිටි ප්‍රයිම් ටියුෂන් ආයතනය ශිල්ප දනව්ව ආයතනයේ නොමිලේ අධ්‍යාපනය ලබාදෙන සත්කාර්යයට අනුග්‍රාහකත්වයක් ලබා දීමට තීරණය කළේය. ඒ අනුව, ශිල්ප දනව්ව ආයතනය කරනු ලබන මෙහෙවර අගයකරනු වස්, ප්‍රයිම් ටියුෂන් ආයතනය සිය සමාජීය මෙහෙවරක් සේ සළකා ශිල්ප දනව්ව ආයතනයේ නොමිලේ ඉගැන්වීමේ සත්කාර්යට අනුග්‍රාහකත්වයක් ලබා දී උපකාරක පන්ති සඳහා මුදල් ගෙවීමට නොහැකි 6 සිට 11 ශ්‍රේණිය දරුවන් 6000කට පළමු අදියරේ දී තවදුරටත් නොමිලේ අධ්‍යාපන කටයුතුවල නියලීමට අවශ්‍ය පහසුකම් සැපයීමට තීරණය කළ අතර 2021 දෙසැම්බර් මස පළමු සතියේ සිට එම ඉගැන්වීම් කටයුතු ශිල්ප දනව්ව ආයතනය මගින් ආරම්භ කිරීමට නියමිතය.

මෙම වැඩසටහනේ සාධනීය බව මෙන්ම ශිෂ්‍ය ප්‍රජාව එයින් ලබන සාර්ථකත්වය සැළකිල්ලට ගෙන ඉදිරියේදී සිසුන් 10000කට නොමිලේ ඉගැන්වීමටත්, එලෙස නොමිලේ ඉගෙන ගන්නා සිසුන්ගෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර ස.පෙළ. ඉතා උසස් ලෙස සමත්වන සිසුන් සඳහා, උසස් පෙළ ඉගෙනීමට ශිෂ්‍යාධාරයක් ලබා දීමටත් ප්‍රයිම් ටියුෂන් ආයතනය මේ වන විටත් සැලසුම් සහගත වැඩසටහනකට ප්‍රවිශ්ඨ වී ඇත. එය තවදුරටත් දැයේ ආර්ථික අපහසුතා සහිත දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවයන් සපුරාලීමේ මාහැඟී කර්තව්‍යකි.

ඒ අනුව, ප්‍රයිම් ටියුෂන් ආයතනයේ අනුග්‍රහකත්වයෙන් ශිල්ප දනව්ව අධ්‍යාපන ආයතන මගින් නොමිලේ උගන්වනු ලබන අධ්‍යාපන සත්කාරක වැඩසටහන නිල වශයෙන් දැයේ දරුවන්ට තිළිණ කිරීම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අංශයේ සම්භාවනීය ජ්‍යෙෂ්ඨ මහචාර්ය, චිත්‍රපට අධ්‍යක්ෂ, ‍ගීත රචක, පද්‍ය රචක හා ග්‍රන්ථ කතෘ සුනිල් ආරියරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රයිම් ටියුෂන් හා ශිල්ප දනව්ව අධ්‍යාපන ආයතනයන්හි කළමනාකාරිත්වය හා ගුරු භවතුන් ඇතුළු සුභපතන්නන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (01 දින) ප්‍රයිම් ටියුෂන් ආයතනයේ දී පවත්වන ලදී.

දිවයිනේ පිළිගත් විශ්ව විද්‍යාලයන් මගින් ප්‍රථම හා පශ්චාත් උපාධි ලබාගෙන විෂය ප්‍රමාණිත දැනුමක් සහිතව උපකාරක පන්ති ක්ෂේත්‍රයේ නියැලි ප්‍රවීනයින් විසින් සියළුම පන්ති මෙහෙයවීම ද විශේෂත්වයකි.

පළමු අදියරයේ දී, 6 – 11 ශ්‍රේණිය දක්වා සිසුන්ට ඉතිහාසය, භූගෝල විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය, බුද්ධ ධර්මය, සෞඛ්‍ය හා දෙමළ යන විෂ්‍යයන් නොමිලේ ඉගැන්වීමෙන් ආරම්භ වන මෙම සත්කාරය දෙවැනි අදියරයේ දී ගණිතය, විද්‍යාව, ඉංග්‍රිසි හා සිංහල විෂයන් ද ආවරණය කරන ආකාරයට සැලසුම් කර ඇත.

www.primetuition.lk හෝ www.siyarata.edu.lk වෙබ් අඩවිවල ලියාපදිංචි වීමෙන් මෙම පන්ති සඳහා සහභාගි වීමේ හැකියාව මේ වන විට විවෘතව පවති. වැඩිවිස්තර 0713700600 අංකයෙන් ලබා ගත හැක.

 

පිටපත – PR

Post Views: 7
Previous Post

ජපාන තානාපතිවරයා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවෙයි

Next Post

මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදියට රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා – අගමැති

editor

editor

Next Post

මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදියට රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved