ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපතිවරයා ලෙස පසුගියදා පත්වූ මිසුකොෂි හිඩෙයාකි මහතා අද (01) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති මෙම හමුවට ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි කට්සුකි කොටාරෝ මහතා, පළමු ලේකම් සහ දේශපාලන අංශ ප්‍රධානී ඔසාකි ටකේෂි මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක යන මහත්වරු එක්ව සිටියහ.













