• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත ආරම්භ කිරීමට අදාළ ගිවිසුම අත්සන් තබයි

9 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දැනට ශ්‍රී ලංකාව වැටී තිබෙන තැනින් ගොඩ එන්නට නම් දේශීය මෙන් ම විදේශීය ආයෝජකයන් නිසි පරිදි හඳුනාගෙන ඔවුන් දිරිමත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කර දේශීය කඩදාසි අවශ්‍යතාව සපුරන්නට සූදානම් බවත් කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද (09)දින ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත ආරම්භ කිරීමට අදාළ ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම ගිවිසුම යටතේ කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම මූලික ආයෝජනය ලෙස රුපියල් බිලියන 3.5 ක් ආයෝජනය කරන අතර වසරක් තුළ තම කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදන කටයුතු ආරම්භ කර වසරකට කඩදාසි මෙට්‍රික් ටොන් 75 000 ක නිෂ්පාදනයක් සිදුකිරීම අපේක්ෂාව වේ. සීමාසහිත ජාතික කඩදාසි සමාගම සහ කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම අතර එම ගිවිසුම කොළඹ පිහිටි කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේ දී අද අත්සන් තැබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ” අපේ රටට පැමිණි ආයෝජකයන්ගේ ඉතිහාසය දෙස බැලුවා ම හරි ම කණගාටුදායක යි. ලංකාවේ ටයර් කම්හල ගත්තේ පුද්ගලික ආයෝජකයෙක්. වානේ සංස්ථාව ගත්තේ පුද්ගලික ආයෝජකයෙක්. ඒවා එතනින් ම ඉවර වුණා. ඒ නිසා අපේ අතීතය ගැන අප ඉදිරියේ තියෙන චිත්‍රය හොඳ නැහැ. හැබැයි එහෙම කියලා අපිට දේශීය හා විදේශීය ආයෝජකයන් සමඟ ගමනක් යනවා හැරෙන්නට වෙන ක්‍රමයක් නැහැ. ලෝකයේ එක අවදියක් තිබුණා සෝවියට් දේශයේ සමාජවාදයේ ආරම්භයත් සමඟ සියලු ආයතනවල නිෂ්පාදනය, බෙදාහැරීම හා අයිතිය රාජ්‍ය සතු කරලා මධ්‍යගත පාලනයක් හරහා ලෝකයේ නිෂ්පාදනය ආරම්භ කරපු. ඒ පටන්ගත සමාජවාදී රටවල් සියල්ලම කඩාගෙන වැටුණා. 1972-1978 මහා ආර්ථික අර්බූදයත් එක්ක ම සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී රටවල් සියල්ලට ම රැඳෙන්න බැරි වුණා. එදා රුසියාව රටවල් 15කට කැඩිලා ගියා. 1917 සෝවියට් රුසියානු විප්ලවයෙන් පස්සේ ලෙනින් ‘යුක්‍රේනයට’ නිදහස දුන්නා. නිදහස් රාජ්‍යයක් කළා. 1922 යුක්‍රේනය රුසියාව එකතුවෙලා තමයි සෝවියට් සමාජවාදී රාජ්‍ය කියන එක හැදුවේ. අනිත් රටවල් 13 එකතු වුණේ ඊට පස්සේ. දැන් මේ සියල්ල වැටිලා. විනාශ වෙලා. නැගෙනහිර ජර්මනියේ මිනිස්සු, බටහිර ජර්මනියේ මිනිස්සු තාප්පය කඩාගෙන පැන්නා. චෙකෝස්ලෝවැකියාව, පෝලන්තය, හංගේරියාව, මේ සියලු රටවල් කඩාගෙන වැටුණා. හැබැයි වියට්නාමයට හා චීනයට පුළුවන්කම ලැබුණා විශාල ආර්ථික ප්‍රතිසංස්කරණවලට යන්නට. අපි දන්නවා කොමියුනිස්ට් පාලනය තුළ මහා විශාල සාධාරණයක් තිබෙනවා. සියලු දෙනාට ම මූලික අවශ්‍යතා සියල්ල එක මට්ටමකට ලැබෙනවා. පුළුවන් තරම් පන්ති විෂමතාව ඉවත් කෙරුණා. හැබැයි ඒ අයට බැරි වුණා ඒ ක්‍රමය තුළ ආර්ථිකය නංවන්නට. 1848 මාක්ස්, එංගල්ස් ලියපු දාස් කැපිටාල්වල ‘ව්‍යවසායකත්වය’ කියන වචනය කතාකළේ නැහැ. පිළිගත්තේ නැහැ. ශ්‍රමිකයන්ගේ ශ්‍රමය සූරා කන ධනයට ‘ව්‍යවසායකත්වය’ කියනවා කියලා ඔවුන් කිවුවෙ. ඒ නිසා ව්‍යාවසායකත්වයට, කළමනාකරණයට තැනක් දුන්නේ නැහැ. නමුත් 1978වනවිට ඒ අයට සිද්ධ වුණා දේශීය ව්‍යවසායකයන්ට ව්‍යාපාර භාර දෙන්න. ඩෙන් ෂියාවෝ පින් චීනයට පෞද්ගලික ව්‍යවසායකයන්ට, ව්‍යාපාරිකයන්ට, ආයෝජකයන්ට ඉඩ දුන්නා. විදේශීය ආයෝජකයන්ට එන්න කිවුවා. එදා පහර දී එළවාගත්ත ඇමෙරිකානුවන්ව ආයෝජකයො විදියට එනකොට වියට්නාමයට ආදරයෙන් පිළිගත්තා. ඒ නිසා අද වියට්නාමය නැඟිටලා. අද ඇමෙරිකාවේ දළ දේශීය නිශ්පාදිතය ඇ.ඩො. ට්‍රිලියන 20.7ක් විතර වෙනවා. චීනය 15.7ක් විතර. අපේ රටවල් 06ටත් පහළ. මිල දී ගැනීම් අතින් ඩොලර් බිලියන 5000කටත් උඩින් චීනය ඉන්නවා. 1990 දී අපේ රටේ අපනයන ආදායම බිලියන 02යි. වියට්නාමයේත් ඒවනවිට බිලියන 02යි. 2020 වියට්නාමයේ බිලියන 280යි. ලංකාවේ බිලියන 10යි. මේක තමයි අපිත් වියට්නාමය සහ චීනයත් වෙනස් වෙන්නේ. ආසියාවට තමයි මේ කාලය තුළ වැඩි වශයෙන් ම ආයෝජන ගලාගෙන එන්නේ. චීනයට, වියට්නාමයට, ඉන්දියාවට, බංගලාදේශයට හුඟක් ආයෝජන එනවා. ලංකාවට එන ආයෝජකයින් අපි භාරගත යුතු යි. ඒ අයට අවශ්‍ය පහසුකම් සලසා දිය යුතු යි. අපි දැනට ජාත්‍යන්තර ව්‍යාපාර දර්ශකයේ ඉන්නේ 99වන ස්ථානයේ. අපිට ඉන්දියාව, චීනය එක්ක තරඟ කරන්න බැහැ ඇත්තටම. අපිට සිටින ප්‍රධාන තරඟකරුවන් තමයි සිංගප්පූරුව සහ හොංකොං. අපේ රටේ කෘෂිකාර්මික නොවන කර්මාන්ත තිබෙන්නේ 1035732ක් පමණයි. එයින් සේවකයන් 100කට වඩා ඉන්න ව්‍යාපාර තියෙන්නේ 2440ක් පමණයි. ඉතිරි සියයට 91ක ප්‍රමාණයක් ම ඉතා කුඩා ඒවා. දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම, ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම හා හැකි තරම් නව ව්‍යවසායකයන් බිහි කිරීමට කර්මාන්ත අමාත්‍යංශය වශයෙන් අපි කටයුතු කළ යුතු යි. ඒවගේ ම කර්මාන්ත සංවර්ධනය සඳහා සියයට 1ක් 2ක් වගේ පොලියට මූල්‍යාධාර ලබා දීමට සමාගම් රැසක් අපට එකඟතාව පළකොට තිබෙනවා. මේවගේ විශාල වැඩකටයුතු ඉදිරියට කරගෙන යද්දි අපිට තර්ජන, ගර්ජන ඕනෑතරම් එන්නට පුළුවන්. ඒ අස්සේ ශ්‍රී ලංකාවට ආවේණික දුර්වලතා මුණගැසෙනවා. මේ සියල්ල හඳුනාගෙන කටයුතු කළ යුතු යි, යැයි වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් ජනරාල් දයා රත්නායක (විශ්‍රාමික), සී/ස කඩදාසි සමාගමේ සභාපති විමල් රූබසිංහ, කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගමේ සභාපති අනුරත් අබේරත්න , අමාත්‍යංශ නිලධාරීහු ඇතුළු පිරිසක් ද එක් වූහ.

 

ගයාන් පීරිස්

Post Views: 6
Previous Post

චීන තානාපති කථානායකවරයා හමුවෙයි

Next Post

රාජ්‍ය ඔසුසැලේ 51 වන ශාඛාව හෝමාගමින් විවෘත කෙරේ

editor

editor

Next Post

රාජ්‍ය ඔසුසැලේ 51 වන ශාඛාව හෝමාගමින් විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved