එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී ආහාර පාලනය මගින් රුධිරයේ සීනි මට්ටම නිසි පරිදි පවත්වා ගැනීමට පියවර ගන්නා ලෙස වෛද්‍යවරුන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පෙන්වා දුන්නේ අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේදී සාම්ප්‍රදායික කැවිලි වර්ග පරිභෝජනය සීමා සහිතව සිදු කිරීම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අත්‍යවශ්‍ය බවයි.
විශේෂයෙන්ම කැවුම්, කොකිස්, අලුවා සහ කිරිබත් වැනි ආහාර එකම වේලකදී අධික ලෙස ලබා ගැනීම වෙනුවට, එක් වරකදී එක් කැවිලි වර්ගයක් පමණක් තෝරා ගැනීමටත්, සීනි රහිත තේ පානයට හුරු වීමටත් වෛද්‍යවරයා උපදෙස් ලබා දුන්නේය. නෑගම් යන අවස්ථාවලදී වුවද තමන් කැමති එක් කැවිලි වර්ගයක් පමණක් තෝරා ගනිමින් මෙවැනි සුළු වෙනස්කම් සිදු කිරීම හරහා රුධිරයේ සීනි මට්ටම අනවශ්‍ය ලෙස ඉහළ යාම පාලනය කරගත හැකි බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.


















