දෙමාපියන්ගේ වැඩි දායකත්වයෙන් ඉදිකළ මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ විදුහලේ නව ගොඩනැගිල්ලේ ස්ථාපිත පාසල් සෞන්දර්ය ඒකකය සිසු අයිතියට පැවරිම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
මෙම ඉදිකිරීම සඳහා පාසල් සංවර්ධන සමිතියේ දායකත්වය ද ලැබී තිබු අතර එහි මූලික අදහස ඉදිරිපත් කළේ විදුහල්පතිනි චාන්දනී වැලිකන්නගේ මහත්මියයි.
මාතලේ නගරාධිපති එස්. ප්‍රකාශ් හා නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න හා පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න , පළාත් ප්‍රධාන හා ආධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ , පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන , මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විජයන්ති ජයසූරිය යන මහත්ම මහත්මින් හා විදුහල්පතිනි චාන්දනී වැලිකන්නගේ මෙනෙවියද ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න












