ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට නවමු මානයක් එක් කරමින්, බද්දේගම ගිනීමැල්ලගහ ප්‍රදේශයේ පිහිටි ‘සිරින් පාර්ක්’ (Sirin Park) සුඛෝපභෝගී පාරිසරික නිකේතනය මගින් සතුන් ඇසුරෙන් කෙරෙන ප්‍රතිකාර (Animal Therapy) අත්දැකීම සිය අමුත්තන් වෙත හඳුන්වා දී තිබේ. විද්‍යාත්මකව තහවුරු කර ඇති පරිදි සතුන් සමඟ කාලය ගත කිරීම මගින් මානසික ආතතිය අඩු වන අතර, ස්නායු පද්ධතිය සැහැල්ලු වී මනසට සහනයක් ලැබෙන බව මෙහි නිර්මාතෘ විස්ටා සෙරින් ලීලාරත්න මහතා පවසයි.
මෙම පරිශ්‍රය තුළ අතහැර දැමූ බූරුවන්, පෝනීන්, බැටළුවන්, එළුවන් සහ ගවයින් රැකබලා ගන්නා අතර සංචාරකයින්ට මෙම සතුන්ට ආහාර ලබා දෙමින් ඔවුන් සමඟ සමීපව කටයුතු කිරීමට අවස්ථාව සලසා දී ඇත. මීට අමතරව ‘Ramya’ සහ ‘Suramya’ ලෙස නම් කර ඇති නවීන පහසුකම්වලින් යුත් සුඛෝපභෝගී නිවාස දෙකක් ද නවාතැන් සඳහා වෙන් කර තිබේ. තම ගොවිපළෙන්ම ලබා ගන්නා දේශීය ආහාර වේල් සංචාරකයින්ට ලබා දෙන අතර, ඉදිරියේදී ස්වභාවික පිහිනුම් තටාකයක් සහ ජල ක්‍රීඩා පහසුකම් ද එක් කිරීමට රුපියල් මිලියන 250ක ආයෝජනයක් සිදු කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
විදේශීය සංචාරකයින් අතර විශේෂයෙන්ම ජනප්‍රිය වී ඇති ‘පොල් සංචාරය’ (Coconut Tour) හරහා මෙරට පොල් කර්මාන්තය පිළිබඳ පුළුල් අත්දැකීමක් ලබාගත හැකි අතර, වසර 45ක් පැරණි මෝටර් රථයක් මගින් සංචාරකයින්ට ප්‍රවාහන පහසුකම් සැපයීම ද මෙහි ඇති විශේෂත්වයකි. මීට අමතරව ගම්මාන සංචාරය, කුරුඳු තැලීම නැරඹීම සහ සාම්ප්‍රදායික ඉවුම් පිහුම් අත්දැකීම් ද ලබාගත හැකි අතර, මෙම සියලු කටයුතුවලදී පරිසර හිතකාමී බව සහ අමුත්තන්ගේ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බව සිරින් පාර්ක් නිකේතනය අවධාරණය කරයි.














