• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

SLIATE උපාධි පිරිනමන ආයතනයක් බවට පත් කරනවා – ඇමති තිලංග

7 January 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) උපාධි පිරිනමන ආයතනයක් බවට පත් කරන බව තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06) දින SLIATE ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් සමග එම ආයතනය වැඩිදියුණු කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක නිරත වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” SLIATE හරියට කැලේ පිපුණු මලක් වගේ. වැඩි අගයක් ජාතියට ලබාදීමේ හැකියාව තිබියදී ඉන් නිසි ප්‍රයෝජන ලබා නොගන්නා බවයි මගේ හැඟීම. ඒ නිසා ඉක්මනින්ම මෙම ආයතනය උපාධි ලබා දෙන ආයතනයක් බවට පත්කරමින් වැඩිදියුණු කිරීමට කටයුතු කරනවා. අපේ දරුවන්ගේ දර්ශනය එකිනෙකට වෙනස්. ඒ නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරමින් රට පුරා ක්‍රියාත්මක වන ආයතන 19 තුළ ඉගැන්වෙන විෂයයන් සංඛ්‍යාව 60 – 80 ක් වැනි මට්ටමකට වැඩි කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය වන භෞතික සම්පත් සියල්ල ලබා දීමටත් අපි කැප වෙනවා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, රාජ්‍ය විශ්වවිද්‍යාල හා උපාධි ලබා දීමට බලය දී තිබෙන රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සමග සමීප සම්බන්ධතා ගොඩනගා ගනිමින් අප ආයතනය වැඩිදියුණු කිරීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා අපි කැපවීමෙන් කටයුතු කරනවා. උපාධි මට්ටමට පහසුවෙන් ගෙනයාහැකි සුදුසුම විෂය කිහිපයකින් මෙම කාර්යය අපි ආරම්භ කරනවා. මෙම ආයතනය තුළ අධ්‍යාපනය ලබාදෙන විෂයපථයන් තාක්ෂණික අංශයට වැඩි නැඹුරුවක් සහිතව යාවත්කාලීන කළ යුතුයි. එහිදී අප අමාත්‍යාංශය යටතේ පවතින නවීන පර්යේෂණ ආයතන සමඟ සම්බන්ධවී අපේ දරුවන්ට නව පර්යේෂණවලට යොමු වීමේ අවස්ථාවත් උදා කරනවා. ඒ හරහා ආයතනයට වැඩි අගයක් ලබා දීම පහසු වෙනවා.

මෙම කාර්යයේ මුල් පියවර ලෙස ඉදිරි සති දෙකක පමණ කාලය තුළ මේ සඳහා අවශ්‍ය සියලු පාර්ශව එක් කරමින් ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව අවධානය යොමුකර එකඟතාවන් සහිතව උපාය මාර්ගික සැලැස්මක් සකසනවා. එයට අනුගතව මෙම ආයතනයේ මීළඟ බඳවා ගැනීමත් නව ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කරනවා. SLIATE ආයතනය වැඩිදියුණු කිරීමට හොඳම අවස්ථාව මෙයයි. රටේ ආර්ථික සංවර්ධනය සඳහා අනාගත පරපුර තාක්ෂණික අංශයෙන් සන්නද්ධ කළ යුතුය යන කරුණ පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ මේ කාර්යය ඉටු කර ගැනීමට පහසුවෙනවා.

SLIATE උපාධි ලබා දෙන ආයතනයක් බවට වැඩි දියුණු කිරීම, උසස් අධ්‍යාපනය වෙනුවෙන් අපේ රටේ මුදල් පිටරටට යාම වළක්වා ගැනීමටත් පිළියමක් වෙනවා. වර්තමානයේ මේ ආයතනය තුළ ඉගෙනුම ලබන දරුවන්ගේ කටයුතුවලට බාධා නොවන පරිදි, ඉදිරියේ දී බඳවාගන්නා සිසුන්ට තාක්ෂණික විශ්ව විද්‍යාලයක ස්වරූපය සහිතව උපාධි ලබාදෙන උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන පද්ධතියක් නිර්මාණය කරන බව පවත්වා යැයි ” අමාත්‍ය තිලංග අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම සාකච්ඡාවේදී ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් දැනට මුහුණ දෙන වෘත්තිමය ගැටලු හා අසීරුතා පිළිබඳවත් කරුණු දැක්වූ අතර, මෙම ආයතනය වැඩිදියුණු කිරීමත් සමගම එම ගැටළු සඳහා පිළියම් යෙදීමටත් අවධානය යොමු කරන බවට ද අමාත්‍යවරයා මෙහිදී පොරොන්දු විය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි, මහාචාර්ය ජනිතා ලියනගේ, ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු යන මහත්ම මහත්මින් සහ SLIATE ආයතනයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

 

දිලිනි සමන්මලි 

 

Post Views: 6
Previous Post

දකුණු ආසියානු ක්‍රීඩා උළෙළට ශ්‍රී ලංකා පාපැදි සංගමය සහභාගී නොවීම ගැන විශේෂ විමර්ශනයක්

Next Post

ලෝකයේ මිලියන ගනනක් ජනයා කාලගුණ සරණාගතයන් වීමට නියමිතයි

editor

editor

Next Post

ලෝකයේ මිලියන ගනනක් ජනයා කාලගුණ සරණාගතයන් වීමට නියමිතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved