ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ වර්තමාන ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ හමුවක් SLT-MOBITEL ආයතනයේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) කොළඹ අමාරි (Amari) හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා, SLT සමූහ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා, ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් මහතා සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉමන්ත විජේකෝන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණේ දිවයින පුරා 5G තාක්ෂණය ව්‍යාප්ත කිරීම සහ ෆයිබර් (Fiber) ජාලය පුළුල් කිරීමේ කටයුතු පිළිබඳවයි. එමෙන්ම පාරිභෝගික සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා මෙරට ප්‍රථම වතාවට හඳුන්වා දුන් පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් ආකෘතිය (24/7 Operational Model) පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි. මෙම නව ක්‍රමවේදය හරහා සන්නිවේදන බිඳවැටීම් අවම කරමින් වඩාත් විශ්වසනීය සේවාවක් ලබා දීමට අපේක්ෂා කෙරේ.
මීට අමතරව, ‘Ceylon Remittance’ වැනි නව්‍ය ඩිජිටල් සේවාවන් හඳුන්වා දෙමින් මෙරට ඩිජිටල් ආර්ථිකය සවිබල ගැන්වීමට SLT-MOBITEL දක්වන සක්‍රීය දායකත්වය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් විය. දේශීය සන්නිවේදන යටිතල පහසුකම් ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම හරහා මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා සහ ආයෝජන අවස්ථා උදා කර ගැනීමට රජය සහ SLT-MOBITEL එක්ව කටයුතු කරන බව මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ විය.














