• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමාජ සත්කාර මැද හෙල්ප් අයිකන් වෙබ් අඩවිය එළිදැක්වෙයි

20 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හෙල්ප් අයිකන් සමාජ සත්කාර සංවිධානයේ නිල වෙබ් අඩවිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී අද (19) එළිදක්වන ලදි.

ඉදිරි පරම්පරාවන් අතරට අධ්‍යාපනයේ අගය පැතිරවීම, තරුණ තරුණියන්ට ඔවුන්ගේ ඉලක්ක කරා යාමට සහායවීම, තරුණ පරපුර දැනුමෙන් සවිබල ගැන්වීම හා ඔවුන්ට වෘත්තීය මාර්ගෝපදේශනය ලබාදීම සඳහා සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම, තරුණයින් අතර එකමුතුකම වර්ධනය කිරීම, සමාජයේ අසරණයන්ට සහ විශේෂ අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම අරමුණු කර පිහිටුවා ඇත.

සමාජ සත්කාර වැඩසටහන් රැසක් සමගින් www.helpicon.lk වෙබ් අඩවිය එලෙස එළිදැක්වීම සිදුවූ අතර එමගින් ලොව පුරා සිටින ඔ්නෑම අයෙකුට වෙබ් අඩවිය හරහා සංවිධානය සමග සම්බන්ධ විය හැක.
ස්වේච්ඡා සේවකයෙකු ලෙස හෝ පරිත්‍යාගශීලියෙකු ලෙස හෙල්ප් අයිකන් සංවිධානය සමග සම්බන්ධවීමට ඉන් සඩ සලසා ඇත. හෙල්ප් අයිකන් සංවිධානය සිදුකරනු ලබන සෑම සමාජ සත්කාර ව්‍යපෘතියක්ම වෙබ් අඩවිය ඔස්සේ දැකබලා ගැනීමටත් භාෂා ත්‍රිත්වයෙන්ම එය පරිහරණය කිරීමටත් අවස්ථාව සලසා ඇත. අමාත්‍යතුමිය සමග වෙබ් අඩවිය විවෘත කිරීමට ලේක්හවුස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දැන්වීම් ප්‍රසන්න ජයසුන්දර මහතා සමග මනුසත් දෙරණ ව්‍යාපෘති සභාපති මහේෂ් ජයවර්ධන මහතා එක්විය.

මෙයට සමගාමීව සමාජ සත්කාර වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවූ අතර ආබාධිත රණවිරුවෙකුට අංග සම්පූර්ණ නිවසක් ඉදිකරදීම සදහා ආධාර කිරීම හෙල්ප් අයිකන් සංවිධානය මෙහිදී කටයුතු කළ අතර එය ශ්‍රී ලංකා යුධ හමුදා පොදුසේවා බලකා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව වෙත ලබාදීමට කටයුතු කල අතර එම අවස්ථාවට අමාත්‍යතුමිය සමගින් Help Icon සභාපති ප්‍රියදර්ශන බෙන්තොටආරච්චි මහතා සහ ප්‍රධාන ලේකම් තුසිත ජයවර්ධන මහතා එක්විය.

සැත්කමකින් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අය සදහා භාවිතා කරන විශේෂිත රෝගී සත්කාර පුටුවක් මහරගම අපේක්ෂා රෝහල වෙත පරිත්‍යාග කිරීමටද මෙහිදී කටයුතු කර තිබූ අතර එම විශේෂිත රෝගී සත්කාර පුටුව අමාත්‍යතුමිය වෙත බාර දීම Help Icon සභාපති ප්‍රියදර්ශන බෙන්තොටආරච්චි මහතා සහ ප්‍රධාන ලේකම් තුසිත ජයවර්ධන මහතා විසින් සිදුකරන ලදි.

හෙල්ප් අයිකන් වෙතින් රෝද පුටු 04ක් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුවූ අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සුරතින් එම රෝද පුටු අවශ්‍යතාව සහිත රෝගීන් සිව් දෙනෙකුගේ ඥාතීන් වෙත ලබාදීමට කටයුතු කල අතර එම අවස්ථාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය ද එක්විය.

හෙල්ප් අයිකන් සිප් නැණ සවිය ව්‍යාපෘතිය යටතේ අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ට පොත් කට්ටල ලබාදීම සදහා ක්‍රියාවට නංවා ඇති වැඩසටහනට අනුව හංවැල්ල ආටිගල කනිෂ්ට විද්‍යාලයේ දරුවන් 102කට පාසල් පොත් ලබාදීම සංකේතවත් කරමින් දරුවන් 10 දෙනෙකු සදහා අංග සම්පූර්ණ පොත් කට්ටල ලබාදීමද මෙහිදී සිදුවූ අතර ඒ සදහා ජාත්‍යන්තර සිංහ සමාජයේ දිස්ත්‍රික් 306 සී1 සිංහාධිපති අමල් පුස්සැල්ලගේ මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් මහතා එක්විය.

හෙල්ප් අයිකන් සංවිධානයේ සමාජ සත්කාර කටයුතු ශක්තිමත් කිරීම සදහා රුපියල් මිලියනයක් පරිත්‍යාග කිරීමට මෙම අවස්ථාවෙදී හර්බ්ලයින් ආයතනය කටයුතු කළ අතර එය හර්බ්ලයින් මෙහෙයුම් අධ්‍යක්ෂ සංජීව ගනේගොඩ මහතා විසින් හෙල්ප් අයිකන් ප්‍රධාන ලේකම් තුසිත ජයවර්ධන මහතා වෙත ලබාදීමට කටයුතු කරන ලදි.

මෙම අවස්ථාවට රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක ප්‍රධානීන් සමග ගුරුවරුන් දෙමාපියන් දරුවන් ඇතුළු පිරිසක් එක්විය.

Post Views: 1
Previous Post

පෝට්සිටිය බලන්න ලක්ෂයකට ආසන්න ගණනක් ඇවිල්ලා

Next Post

ජපන් ආධාර යටතේ මෙරට රෝහල් නවයකට මිලියන 400 ක උපකරණ

editor

editor

Next Post

ජපන් ආධාර යටතේ මෙරට රෝහල් නවයකට මිලියන 400 ක උපකරණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved