ශ ්‍රී ලංකාවේ ගර්භණී මව්වරුන්, කිරිදෙන මවුවරුන් සහ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ පෝෂණ සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘ත්‍රීපෝෂ’ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ‘Sow and Grow’ නමින් නව පස් අවුරුදු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත. ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය උසස් ප්‍රමිතියෙන් යුත් බඩඉරිඟු දේශීයව වගා කිරීම සහ එහි සැපයුම් දාමය විධිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර එමඟින් ආනයන මත යැපීම අවම කිරීමට ද අශ්‍රී ලංකාවේ ගර්භණී මව්වරුන්, කිරිදෙන මවුවරුන් සහ වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ පෝෂණ සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘ත්‍රීපෝෂ’ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ‘Sow and Grow’ නමින් නව පස් අවුරුදු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත. ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය උසස් ප්‍රමිතියෙන් යුත් බඩඉරිඟු දේශීයව වගා කිරීම සහ එහි සැපයුම් දාමය විධිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර එමඟින් ආනයන මත යැපීම අවම කිරීමට ද අ#foodsecurityපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර, මොනරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කවල ගොවීන් 7,500කට දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන නවීන කෘෂිකාර්මික තාක්ෂණය සහ අස්වනු හානිය අවම කරගැනීමේ ක්‍රමවේද පිළිබඳ පුහුණුව ලබාදීමට නියමිතය. මෙමඟින් ගොවීන් සෘජුවම ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම වැනි මිලදී ගන්නන් සමඟ සම්බන්ධ කෙරෙන අතර එමඟින් දරුවන් 650,000කට සහ මව්වරුන් 330,000කට වැඩි පිරිසකට අඛණ්ඩව ගුණාත්මක ත්‍රීපෝෂ සැපයීම සහතික කෙරේ. කෘෂිකර්ම, සෞඛ්‍ය සහ මුදල් ඇතුළු අමාත්‍යාංශ කිහිපයක සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මෙරට ආහාර පද්ධතිය ශක්තිමත් කිරීමටත්, ග්‍රාමීය ජීවනෝපාය නඟාසිටුවීමටත් විශාල පිටුවහලක් වනු ඇත.














