ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් (Pedro Sanchez) එළඹෙන අප්‍රේල් 11 වනදා සිට 15 වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වන බව චීන විදේශ අමාත්‍යාංශය අද (08) නිවේදනය කළේය.
මෙය ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා විසින් වසර හතරක් ඇතුළත ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය වෙත සිදුකරනු ලබන සිව්වන සංචාරය වීම විශේෂත්වයකි. මෙම සංචාරය හරහා දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.














