2025 වර්ෂයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵලවලට අනුව කලා විෂය ධාරාවෙන් (Arts Stream) දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයේ අචින්ත රත්නායක ශිෂ්‍යයා සමත්ව තිබේ.
මෙවර නිකුත් වූ උසස් පෙළ ප්‍රතිඵල අනුව සමස්තයක් ලෙස සිසුන් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මීට අමතරව ජෛව පද්ධති තාක්ෂණවේදය (Bio Systems Technology) විෂය ධාරාවෙන් වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ඊෂානි මනෝදා ශිෂ්‍යාව සහ ජීව විද්‍යා (Biology) විෂය ධාරාවෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ ඩිලාන් කරුණාරත්න ශිෂ්‍යයා දිවයිනේ ප්‍රථම ස්ථාන ලබා ගැනීමට සමත්ව සිටිති.














