2025 වසරේ පැවැති අ.පො.ස (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මේ වන විට විභාග දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලයට මුදාහැර තිබේ. මෙවර විභාගය සඳහා සමස්ත අපේක්ෂකයින් 281,810 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කෙසේ වෙතත්, විවිධ විභාග අක්‍රමිකතා හේතුවෙන් අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ප්‍රතිඵල පිළිබඳව සෑහීමකට පත් නොවන අපේක්ෂකයින්ට ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට ද අවස්ථාව සලසා දී තිබේ. ඒ අනුව එළඹෙන අප්‍රේල් මස 06 වනදා සිට අප්‍රේල් මස 22 වනදා දක්වා කාලය තුළ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත ක්‍රමයට (Online) පමණක් නැවත සමීක්ෂණ අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. සියලුම අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන doenets.lk හෝ results.exams.gov.lk වෙත පිවිසීමෙන් තම ප්‍රතිඵල පරීක්ෂා කරගත හැකි බව දන්වා සිටියි.














