සංචාරකයන්ට වැඩි වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීමේ අරමුණින් 2022 වසර නරඹමු ශ්‍රී ලංකා වසර ලෙස ප්‍රකාශයට පත් කිරිමට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කටයුතු කරයි.
එය මෙරට පස් අවුරුදු ගෝලිය සන්නිවේදන වැඩසටහනට අනුව එය ක්‍රියාත්මක බව හෙතෙම පැවසිය.
මෙම පස් අවුරුදු ගෝලීය සන්නිවේදන වැඩසටහන සම්බන්ධීකරණය සදහා විශේෂ ලේකම් කාර්යාලයක් ද පිහිටු වීමට නියමිතයි. ඒ සදහා පත් කළ සියලු ආයතන සම්බන්ධීකරණය, කළමණාකරණය හා අධීක්ෂණය මෙම ලේකම් කාර්යාලයට පැවරේ.
ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය සදහා පස් අවුරුදු ඒකාබද්ධ ගෝලීය සන්නිවේදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව දේශීය වශයෙන් දැන්වීම් ප්රචාරක වැඩසටහන් කළමණාකරණ දැන්වීම් ප්රචාරක වැඩසටහන් කළමණාකරණ ඒකකයක්, නිර්මාණකරණ නියෝජිත ආයතනයක්, පර්යේෂණ නියෝජිත ආයතනයක් පත් කර තිබේ.
ඊට අමතරව ශ්‍රි ලංකා සංචාරක ව්‍යාපාරායේ ප්‍රධාන මුලාශ්‍ර වෙළදපළ 25 ක් ආවරණය වන පරිදි ජාත්‍යන්තර වශයෙන් පත් කරන ලද මහජන සබදතා සමාගම් (PRCS) 08 ක් හා ගමනාන්ත නියෝජිත සමාගම් (DRC) 08 කින් සමන්විත නියෝජිත ආයතන ව්‍යුහයක් ද ස්ථාපිත කර ඇතැයි ඇමතිවරයා පැවසිය.