27 April 2024
#දේශීය

ගොවිපලක කුඩුවක් සාදමින් සිටි කාර්මිකයෙකු විදුලි සැර වැදි මරුට

වැලිකන්ද, සිංහපුර පාර ප්‍රදේශයේ පිහිටි ගොවිපලක් තුල නව කුඩුවක් සාදමින් සිටි කාර්මිකයෙකු විදුලි සැර වැදී ඊයේ (13) පස්වරුවේදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මිය ගිය පුද්ගලයා මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක් හැවිරිදි අයෙකි.

මෘත ශරීරය වැලිකන්ද රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *