ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව, දෙස් විදෙස් සංචාරකයින්ට මහවැව වැවෙහි බෝට්ටු සවාරි යාමේ පහසුකම් සලසා දීමේ විශේෂ ව්‍යාපෘතියක් ඊයේ (05) ආරම්භ කෙරිණි. නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව, මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මහවැව නිෂ්පාදන සමිතිය එක්ව මෙය සංවිධානය කර තිබේ.
ජපන් ජබර ඇතුළු ජලජ ශාකවලින් වැසී තිබූ මෙම වැව ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් පිරිසිදු කර මෙලෙස සංචාරක ආකර්ෂණය දිනාගත හැකි පරිදි සකස් කිරීම සුවිශේෂී කරුණකි. මෙම සමාරම්භක උත්සවයට සමගාමීව ප්‍රදේශයේ ධීවරයින් වෙනුවෙන් තෙප්පම් පැදීමේ තරගයක් ද සංවිධානය කර තිබූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජානක මහතා ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද මීට එක්ව සිටියහ.
මේ අතර, උදාවන වසත් සමය සහ අප්‍රේල් උත්සව සමය ඉලක්ක කරගනිමින් කැප්පෙටිපොල ප්‍රදේශයේ මල් වගාකරුවන් සිය මල් පැළ අලෙවිය සඳහා සූදානමින් සිටිති. මල් වගාව ජීවනෝපාය කරගත් විශාල පිරිසක් වසන එම ප්‍රදේශයේ මල් පැළ සඳහා මේ දිනවල ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බව වාර්තා වේ.














