ශ්‍රී ලංකාවේ මේ වන විට උද්ගතව ඇති ආන්දෝලනාත්මක ගල්අඟුරු අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් පිරිසක් අද (27) පස්වරුවේ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ලිපියක් භාර දුන්හ. බාල ගල්අඟුරු ආනයනය සහ එමගින් සිදුව ඇති අලාභය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙසත්, කලාපීය බලවතෙකු ලෙස මේ සම්බන්ධයෙන් ඉන්දීය රජයේ මතය ප්‍රකාශ කරන ලෙසත් එම සංවිධාන මෙම ලිපිය මගින් ඉල්ලා සිටියි.














