අද (01) දිනයේදී වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ හෝ ඉරට්ටේ වුවද සියලුම දෙනාට ඉන්ධන ලබා දීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, මෙම තාවකාලික ලිහිල් කිරීම අද දිනට පමණක් සීමා වන අතර හෙට (02) සිට යළිත් සුපුරුදු පරිදි වාහන අංකයේ අවසාන ඉලක්කම පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමවේදය එලෙසින්ම ක්‍රියාත්මක වන බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














