ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන නැෂනල් සුපර් ලීග් (National Super League) සිව්දින ක්‍රිකට් තරගාවලියට අදාළව තරග කරන කණ්ඩායම් සහ ඒවායේ ක්‍රීඩක සංචිත නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා
මෙම ප්‍රධාන පෙළේ දේශීය තරගාවලිය සඳහා ගාල්ල කණ්ඩායමට පසිඳු සූරියබණ්ඩාර ද කොළඹ කණ්ඩායමට චරිත් අසලංක ද නායකත්වය ලබා දෙනවා
එමෙන්ම දඹුල්ල කණ්ඩායමට ධනංජය ද සිල්වා නායකත්වය ලබා දෙන අතර සහන් ආරච්චිගේ නුවර කණ්ඩායමට නායකත්වය ලබාදීමට නියමිතයි
මෙම කණ්ඩායම් 04 සඳහා වන ක්‍රීඩක සංචිත මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර තරගාවලිය පැවැත්වෙන නිශ්චිත දින වකවානු ඇතුළත් තරග කාලසටහන (Match Schedule) ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා















