“ඇඳ ඇතිරිලි” (Bed Sheets) ලෙස ව්‍යාජ ලෙස සඳහන් කර මෙරටට ගෙන්වන ලද, රුපියල් කෝටි ගණනක් වටිනා නීති විරෝධී සිගරට් අඩංගු බහාලුමක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ. අදාළ බහාලුම් ලේඛනයේ එහි අන්තර්ගතය රෙදිපිළි ලෙස සඳහන් කර තිබුණද, රේගු නිලධාරීන්ට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම මහා පරිමාණ ජාවාරම අනාවරණය කරගෙන ඇත.
මෙම සැකකටයුතු බහාලුම නිල වශයෙන් විවෘත කිරීම අද (06) රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතය. රජයට අයවිය යුතු අතිවිශාල බදු මුදලක් අහිමි කරමින් සිදු කිරීමට ගිය මෙම ජාවාරම පිටුපස සිටින පුද්ගලයන් හඳුනා ගැනීමට රේගු බලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.














