2025 නොවැම්බර් මස බලපෑ “දිට්වා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් මෙරට නිෂ්පාදන අංශය නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක කළ කර්මාන්ත පුනර්ජීවන අනුග්‍රාහක වැඩසටහනේ ($IRFP$) පළමු අදියර ඊයේ (10) නිමාවට පත් විය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී, පීඩාවට පත් කර්මාන්ත 43ක් වෙනුවෙන් තාක්ෂණික හා මූල්‍ය දායකත්වය දැක්වූ පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පෙළේ ආයතන සහ විශේෂඥයින් ඇගයීමට ලක් කෙරිණි.
මෙහිදී විශේෂයෙන්ම කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය ($IDSC$) පිහිටුවීමට සහ දත්ත පද්ධති සැකසීමට ස්වේච්ඡාවෙන් දායක වූ තිළිණ කුරුකුලසූරිය, රංග දයාවංශ, සංජය ඇල්විටිගල සහ ශඝීවන් සචින්තනාදන් යන මහත්වරුන්ගේ සේවය අමාත්‍යාංශයේ ඇගයීමට ලක් විය. මූලික තක්සේරුවලට අනුව රුපියල් බිලියන 10.2ක අමුද්‍රව්‍ය හා තොග හානියක් ඇතුළු සමස්ත නිෂ්පාදන අංශයට රුපියල් බිලියන 33.96ක හානියක් සිදුව ඇති අතර, එය පියවා ගැනීමට ජෝන් කීල්ස්, එක්ස්පෝ ලංකා, මාස් හෝල්ඩින්ග්ස් වැනි මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක් අත්වැල් බැඳගෙන සිටියි. ඉදිරියේදී මෙම කර්මාන්ත තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා $IDFP$ ($Industry$ $Development$ $Foster$ $Program$) වැඩසටහන දියත් කිරීමට නියමිතය.
















