කොටදෙණියාව, හපුවලාන ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රියේ සිදු කළ විශේෂ වැටලීමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි 37 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 225ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 165ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව අනාවරණය වී ඇත. කොටදෙණියාව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
මේ අතර, අහුංගල්ල ප්‍රදේශයේදී ද තවත් මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කර ඇති අතර එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 261යි මිලිග්‍රෑම් 620ක් සමඟ 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අහුංගල්ල, ගමකරන වත්ත ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම්වල කොටසක් ලෙස මෙම වැටලීම් ක්‍රියාත්මක වේ.














