එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති වත්මන් අර්බුදකාරී වාතාවරණය සැළකිල්ලට ගනිමින්, එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය වෙනුවෙන් තානාපති කාර්යාලය පූර්ණ සූදානමකින් පසුවන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය අරුෂා කුරේ මහත්මිය ප්‍රකාශ කරයි.
ඕනෑම හදිසි අවශ්‍යතාවයකදී හෝ මගපෙන්වීමක් ලබාගැනීම සඳහා පහත සඳහන් දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වන ලෙස තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.
සාමාන්‍ය විමසීම් සඳහා: +971509318538
කොන්සියුලර් ගැටළු සඳහා: +971507327153
විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE): +94 11288050
විදේශ සේවා නියුක්ති කාර්යාංශය (WhatsApp): +94719802822
එමෙන්ම, වත්මන් තත්ත්වය හමුවේ පවුල්වල ආරක්ෂාව පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, තානාපති කාර්යාලය නිරන්තරයෙන් සහාය වීමට කැපවී සිටින බවත් තානාපතිවරිය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.














