ඉදිරියේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයක් වළක්වා ගැනීම සඳහා හදිසි මිලදී ගැනීම් යටතේ ගල් අඟුරු ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. ලංකා ගල් අඟුරු සමාගම දැනට ලියාපදිංචි වී සිටින සැපයුම්කරුවන්ගෙන් මේ සඳහා මිල ගණන් කැඳවා ඇත. විශේෂයෙන්ම මෑතකදී ගෙන්වන ලද නැව්ගත කිරීම් කිහිපයක ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වීමෙන් පසු මෙම පියවර ගෙන ඇත.














