රට තුළ පවතින ඉන්ධන සහ බලශක්ති අර්බුදය කළමනාකරණය කරගැනීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන සහ ව්‍යවස්ථාපිත ආයතනවල පවතින වායු සමීකරණ යන්ත්‍ර (AC) පස්වරු 3:00න් පසුව අක්‍රීය කළ යුතු බවට දන්වා ඇත.
රාජ්‍ය අංශයට අමතරව පෞද්ගලික අංශයේ ආයතනවලින් ද මෙම ක්‍රමවේදය අනුගමනය කරමින් උපරිම අයුරින් බලශක්තිය සුරැකීමට දායක වන ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටී. විදුලිබල මණ්ඩලයට සහන සැලසීම සහ අධික විදුලි ඉල්ලුම පවතින අවස්ථාවලදී පද්ධතිය ස්ථාවරව පවත්වා ගැනීම මෙම පියවරෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.















