Travel and Tour World (TTW) ආයතනය විසින් මිලියන 23ක පාඨක මනාපය සහ ඓතිහාසික වැදගත්කම පදනම් කරගනිමින් ප්‍රකාශයට පත් කරන ලද “2026 වසර සඳහා ලොව හොඳම උරුම සංචාරක ගමනාන්ත 50” ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ සීගිරිය, ගාල්ල කොටුව සහ මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභිමානවත් ලෙස ඇතුළත් වී තිබේ. ලොව පුරා උරුම සංචාරක ක්ෂේත්‍රය වසරකට 6.4%ක වේගවත් වර්ධනයක් පෙන්නුම් කරන පසුබිමක ඊජිප්තුවේ පිරමිඩ සහ ඉන්දියාවේ ටජ් මහල් වැනි ලෝක ප්‍රකට ස්ථාන සමඟ ශ්‍රී ලංකාවේ මෙම උරුමයන් ද කරට කර තරග කරමින් ජාත්‍යන්තර අවධානය දිනාගෙන ඇත. මෙහිදී ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ මන්නාරම සම්බන්ධ කරන වසර 5,000කට වඩා පැරණි රාම් සේතු (ආදම්ගේ පාලම) ද සුවිශේෂී උරුමයක් ලෙස හඳුනාගෙන ඇති අතර එය සංස්කෘතික හා භූ විද්‍යාත්මක වැදගත්කම මනාව විදහා දක්වයි. සීගිරියේ විශිෂ්ට ඉංජිනේරු ශිල්පය, ගාල්ල කොටුවේ පෞරාණික වාස්තු විද්‍යාව සහ දළදා මාළිගාවේ පූජනීයත්වය මෙම ගෝලීය ජයග්‍රහණයට ප්‍රධාන හේතු වී ඇති අතර TTW ආයතනයේ නිර්මාතෘ අනුප් කුමාර් කේෂාන් මහතා පෙන්වා දෙන්නේ මෙවැනි උරුමයන් රැකගැනීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රධාන සාධකයක් වන බවයි.














