• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය විසින් විදේශ රැකියා සඳහා පින්තාරු ශිල්පීන් පුහුණු කරවන්නෙකු ලෙස JAT පත්කරයි

17 April 2024
in පුවත්, ව්‍යාපාර
ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය විසින් විදේශ රැකියා සඳහා පින්තාරු ශිල්පීන් පුහුණු කරවන්නෙකු ලෙස JAT පත්කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ දැව ආලේපන සහ තීන්ත බුරුසු සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයා වන JAT Holdings PLC පසුගියදා ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය [Sri Lanka Foreign Employment Agency (Private) Limited – SLFEA] සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

මේ යටතේ දෙපාර්ශ්වය එක් වී මෙරට සුදුසුකම් ලත් පින්තාරු ශිල්පීන් සහ දැව කාර්මික ශිල්පීන් හඳුනාගෙන, ඔවුන්ට එතෙර රැකියා සඳහා විධිමත් පුහුණුවක් ලබාදෙනු ඇත.

මෙහිදී SLFEA විසින් විදේශ රැකියා අවස්ථා හඳුනාගෙන, එම රැකියා සඳහා අවශ්‍ය කුසලතා සහ පුහුණුවේ ස්වභාවය තීරණය කරනු ලබයි.

ඉන් අනතුරුව එම පුහුණුව අදාළ ශිල්පීන් වෙත ලබාදීම JAT විසින් සිදුකරනු ඇත. ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ මාර්ගෝපදේශවලට අනුකූලව, SLFEA විසින් මෙම සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය කරනු ලැබේ.

මෙම හවුල්කාරීත්වය නිවේදනය කරමින් JAT Holdings PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා මෙසේ පැවසී ය. “මේ දක්වා අපගේ ‘පින්තාරු අභිමන්’ වැඩසටහන හරහා රටේ පින්තාරු ශිල්පීන් සහ දැව කාර්මික ශිල්පීන් විශාල පිරිසකට අත්වැලක් වීමට අපට හැකියාව ලැබුණා. එහි තවත් ඉදිරි පියවරක් වශයෙන් මේ ආකාරයට SLFEA සමග පුරෝගාමී හවුල්කාරීත්වයකට එළඹීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය රටේ නිසි සුදුසුකම් ලත් ශිල්පීන්ට විදේශ රැකියා අවස්ථා උදාකර දෙන සුවිශේෂී පියවරක් වේවි. මෙමගින් ඔවුන්ට ඉතාමත් හොඳ රැකියා අවස්ථාවන් හිමිවන අතරම රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයත් ඉහළ යනවා. JAT පින්තාරු අභිමන් වැනි ප්‍රජා සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට අප නිරන්තරයෙන් පෙළඹෙන්නේ මේ නිසයි.”

ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනයේ සභාපති සුරාජ් දන්දෙණිය මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේ ය. “මෙරට දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු මෙන්ම සෑම විටම රටේ පින්තාරු ශිල්පීන්ට සහ දැව කාර්මික ශිල්පීන්ට අත්වැලක් වන JAT Holdings සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය අපගේ විශේෂඥ දැනුම ඔස්සේ, JAT සමග එක් වී සිටින දක්ෂ පින්තාරු ශිල්පීන්ට විදේශ රැකියා අවස්ථා උදාකර දීමට ලැබුණු අගනා අවස්ථාවක් ලෙස අප දකිනවා. මෙය එක් අතකින් එම ශිල්පීන්ගේ දියුණුවට දොරටු විවර කරන අතරම, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ලබාදෙන මහඟු දායකත්වයක් ලෙසත් හැඳින්වීමට පුළුවන්.”

2021 වසරේ දෙසැම්බර් මාසයේදී ආරම්භ කරන ලද JAT පින්තාරු අභිමන් වැඩසටහන යටතේ මේ වනවිට පින්තාරු ශිල්පීන් 300 කට අධික පිරිසක් NVQ Level 3 සුදුසුකම් හිමිකරගෙන තිබේ. JAT Holdings සහ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය NAITA) එක් වී මෙම සුදුසුකම් ඔවුන් වෙත පිරිනමනු ලබයි. තවද එම වැඩසටහන යටතේ පින්තාරු ශිල්පීන් හා ශිල්පිනියන් 600 කට අධික පිරිසකට පුහුණුව ලබා දී ඇති අතර, එහි වැඩමුළුවලට සහභාගී වූ ශිල්පීන් සංඛ්‍යාව 1,000 ඉක්මවයි. විශිෂ්ට දක්ෂතා සහිත, එහෙත් විධිමත් වෘත්තීය සුදුසුකම් හිමිකරගෙන නොමැති ශිල්පීන්ට සහ ශිල්පිනියන්ට එම සුදුසුකම් හිමිකරගෙන තම වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීමට අත්වැලක් වීම මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වී ඇත.
‘JAT පින්තාරු අභිමන්’ වැඩසටහන එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු (Sustainable Development Goals – SDGs) අතර අංක 1 (සියලු තන්හි පවතින සෑම ආකාරයකම දුගී බව අවසන් කිරීම), අංක 4 (ගුණාත්මක අධ්‍යාපනයක්) සහ අංක 9 (කර්මාන්ත, නවෝත්පාදන සහ යටිතල පහසුකම්) යන අරමුණුවලට සමගාමීව සැලසුම් කර තිබේ. එමෙන්ම තිරසාරත්වය හා පරිසර හිතකාමීත්වය උදෙසා සිය නිෂ්පාදනවල ද්‍රාවක (Solvent) භාවිතය අවම කිරීමේ අරමුණින් Water-based නිෂ්පාදන හඳුන්වා දීමටත්, වෙනත් තාක්ෂණික වැඩිදියුණු කිරීම් සිදුකිරීමටත් සමාගම පියවර ගෙන ඇත. මෙය පින්තාරු කටයුතු සඳහා භාවිතා වන නිෂ්පාදන මගින් පරිසරයට ඇතිවන බලපෑම කැපීපෙනෙන ලෙස අඩුකරන පියවරකි.

PR

Post Views: 9,929
Previous Post

ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල ජනතා අයිතියට පත් කෙරේ

Next Post

කදුකර දශකය වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 12ක ව්‍යාපෘති 10765ක් – ඇමැති ප්‍රසන්න

editor ttvnews

editor ttvnews

Next Post
“කඳුකර දශකය” දිස්ත්‍රික්ක 10 ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා – ඇමති ප්‍රසන්න

කදුකර දශකය වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 12ක ව්‍යාපෘති 10765ක් - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved