30 April 2024
#දේශීය #පුවත් #සංවර්ධන

කදුකර දශකය වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 12ක ව්‍යාපෘති 10765ක් – ඇමැති ප්‍රසන්න

මේ වසරේ මුල් කාර්තුව අවසන් වන විට කදුකර දශකය බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩ සටහන යටතේ ව්‍යාපෘති 10,765ක් ක්‍රියාත්මක කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

තෝරා ගත් දිස්ත්‍රික්ක 12ක ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සදහා මේ වන විට මුදා හැර ඇති මුදල රුපියල් මිලියන 4109.20 ක් වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව මෙවර අයවැයෙන් කදුකර දශකය දස අවුරුදු බහු කාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහන සදහා වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 10.000කි.

කලුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, කුරුණෑගල, අම්පාර යන දිස්ත්‍රික්ක වල මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

පළමු කාර්තුවේ දී දිස්ත්‍රික්ක 09ක් ව්‍යාපෘති සදහා ප්‍රතිපාදන වෙන් කර ඇති අතර මේ මාසය තුල රත්නපුර, කෑගල්ල හා බදුල්ල දිස්ත්‍රික් සදහා ද ප්‍රතිපාදන වෙන් කෙරුනු ඇත.

කදුකර දශකය ව්‍යාපෘතිය යටතේ වැඩිම ව්‍යාපෘති සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කය වන අතර එම ව්‍යාපෘති සංඛ්‍යාව 2545කි.

මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 2214ක් ක්‍රියාත්මක වන අතර මාතලේ දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 647ක්ද, නුවරඑළිය ව්‍යාපෘති 554ක් ද, ගාල්ල ව්‍යාපෘති 505ක් ද, මාතර ව්‍යාපෘති 1403ක්ද , කුරුණෑගල ව්‍යාපෘති 515ක්ද රත්නපුර ව්‍යාපෘති 1813ක් හා බදුල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 305ක් ද ක්‍රියාත්මක වේ. මීට අමතරව කලුතර, මහනුවර, අම්පාර හා නුවරඑළිය දිස්ත්‍රික්ක වල විශේෂ ව්‍යාපෘති 163ක් ද ක්‍රියාත්මකයි.

කදුකර දශකය දසවිධ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය නිවාස, යටිතල පහසුකම්, ප්‍රජා සංවර්ධනය හා ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කෙරෙන අතර ජූලි මස 31 වන දිනට පෙර මෙම ව්‍යාපෘති අවසන් කිරීමට ඇමති ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *