පසුගිය මාර්තු 01 වැනිදා සිට 19 වැනිදා දක්වා වූ දින 19 තුළ මෙරට දෛනික ඉන්ධන අලෙවිය සාමාන්‍ය මට්ටමට වඩා දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඉන්ධන අර්බුදයක් පිළිබඳ ඇති වූ බිය නිසා හටගත් තෙල් පෝලිම් මීට ප්‍රධාන හේතුව වී ඇති අතර, එහිදී සියලුම වර්ගයේ ඉන්ධන සඳහා පැවති ඉල්ලුම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
ලංකා සුපර් ඩීසල් අලෙවිය 181% කින් ඉහළ ගොස් ඇති අතර මාර්තු 05 වැනිදා එය 295% දක්වා වාර්තාගත ලෙස ඉහළ ගියේය. භූමිතෙල් අලෙවිය 172% කින් ඉහළ ගොස් ඇති අතර ඇතැම් දිනවල එය 262% දක්වා වර්ධනය විය. ඔක්ටේන් 95 පෙට්‍රල් අලෙවිය 161% කින් ඉහළ ගොස් තිබේ. ලංකා ඔටෝ ඩීසල් සාමාන්‍ය දෛනික අලෙවිය මෙට්‍රික් ටොන් 4880 ක් වුවද, මාර්තු 02 වැනිදා එය මෙට්‍රික් ටොන් 8615 දක්වා 177% කින් ඉහළ ගියේය. ඔක්ටේන් 92 පෙට්‍රල් සාමාන්‍ය අලෙවිය මෙට්‍රික් ටොන් 4045 ක් වුවද, මාර්තු 02 වැනිදා එය මෙට්‍රික් ටොන් 8471 දක්වා 209% කින් ඉහළ ගොස් ඇත.














