පවතින ආර්ථික තත්ත්වය සහ මෙහෙයුම් පිරිවැය ඉහළ යාම සැළකිල්ලට ගනිමින් ඉන්ධන ප්‍රවාහන ගාස්තු 25%කින් පමණ වහාම ඉහළ දැමිය යුතු බව ලංකා ඛණිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමිකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි. ඊයේ (25) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා අවධාරණය කළේ මෙම ඉල්ලීමට රජයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.
ගෝලීය බොරතෙල් මිල ඉහළ යාම සහ නඩත්තු වියදම් අධික වීම හේතුවෙන් වත්මන් ගාස්තු යටතේ සේවාව පවත්වාගෙන යාම අසීරු වී ඇති බව සංගමය පෙන්වා දෙයි. විශේෂයෙන්ම මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ බලශක්ති සැපයුම් දාමයට එල්ල වී ඇති බලපෑම් ද මෙම අර්බුදයට වක්‍රව දායක වී තිබේ. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වුවහොත් දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට දැඩි බාධා එල්ල විය හැකි බවට අනාවැකි පළ වේ.














