අමෙරිකානු සබ්මැරින් ප්‍රහාරයකින් (IRIS Dena) මියගිය ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු තැන්පත් කිරීමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, සිරුරු සංරක්ෂණය සඳහා අඩි 40ක දිගින් යුත් අධි ශීතාගාර කන්ටේනර් දෙකක් (Refrigerated Containers) රෝහල් පරිශ්‍රයට රැගෙන විත් තිබේ. මින් පළමු කන්ටේනරය රජය විසින් ලබා දී ඇති අතර, මළ සිරුරු සංඛ්‍යාව අධික වීම නිසා දෙවැන්න මුස්ලිම් ප්‍රජාව විසින් රුපියල් ලක්ෂ 27ක පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ලබා දී ඇත.
ප්‍රහාරයෙන් මියගිය නාවිකයන් 87 දෙනෙකුගේ පමණ සිරුරු මේ වන විට ගොඩබිමට රැගෙන විත් ඇති අතර, මෘත ශරීරාගාරයේ පවතින සීමිත ඉඩකඩ හේතුවෙන් ඇතැම් සිරුරු අයිස් සහ ලී කුඩු යොදා තාවකාලිකව සංරක්ෂණය කිරීමට රෝහල් බලධාරීන්ට සිදුවිය. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් වූ වහාම සියලු සිරුරු මෙම අධි ශීතාගාර තුළ තැන්පත් කිරීමට නියමිතය. මෙම ඛේදවාචකයෙන් දිවි ගලවාගත් නාවිකයන් 32 දෙනෙකු ද දැනට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.














