ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි සිදුවූ කැපී පෙනෙන පහත වැටීම හේතුවෙන් මෙරට රන් මිල ද රුපියල් 13,000කින් පමණ පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි. අද (මාර්තු 04) පෙරවරුව වන විට මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක වී තිබේ.
ඊයේ (මාර්තු 03) රුපියල් 388,500ක් ලෙස පැවති කැරට් 22 රන් පවුමක මිල අද වන විට රුපියල් 376,500ක් දක්වා පහත වැටී ඇත. එමෙන්ම ඊයේ රුපියල් 420,000ක් ලෙස ඉහළ අගයක පැවති කැරට් 24 රන් පවුමක මිල අද රුපියල් 407,000ක් දක්වා රුපියල් 13,000කින් අඩුවී තිබේ.
මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ වුවද, ගෝලීය මූල්‍ය වෙළෙඳපොළේ සිදුවන ඇතැම් වෙනස්කම් මෙම මිල පහත වැටීමට බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.














