මෑතකදී ඇති වූ අධික වර්ෂාව සහ ගංවතුර (දිට්වාව) හේතුවෙන් විනාශයට පත් වූ වතු නිවාස වෙනුවට නව නිවාස ලබාදීමට රජය තීරණය කර තිබේ. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
විපතට පත් වතු ප්‍රජාවගේ නිවාස අවශ්‍යතාව කඩිනමින් සපුරාලීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටත්, ආරක්ෂිත ස්ථානයන්හි මෙම නව නිවාස ඉදිකිරීමටත් අමාත්‍යාංශය සැලසුම් කර ඇත. වතු ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් නගාසිටුවීමේ රජයේ පුළුල් වැඩපිළිවෙළ යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














