පවතින ලෝක යුදමය වාතාවරණය ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙරටට ඖෂධ සහ වෛද්‍ය උපකරණ රැගත් නැව් පැමිණීමේ යම් ප්‍රමාදයක් මතුවිය හැකි බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේය. රෝහල් පද්ධතිය තුළ පවතින ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය පිළිබඳව කරුණු සමාලෝචනය කර වාර්තා කිරීම සඳහා මේ වන විටත් විශේෂ කමිටුවක් පත් කර ඇති බව ඔහු සඳහන් කළේය.
රෝහල්වල දැවැන්ත ශල්‍ය උපකරණ හිඟයක් පවතින බවට ඇතැම් පාර්ශව එල්ල කරන චෝදනා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රතික්ෂේප කළේය. කුඩා අඩුපාඩු කිහිපයක් පැවතියද සමස්ත සෞඛ්‍ය යාන්ත්‍රණය බාධාවකින් තොරව ක්‍රියාත්මක වන බව ඔහු අවධාරණය කළේය.
විශේෂයෙන්ම මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍ය උපකරණ කිහිපයක මෑතකදී මතු වූ කාර්මික දෝෂ පිළිබඳව අවධානය යොමු කර ඇති අතර, එම දෝෂ අද හෝ හෙට දිනය තුළ සම්පූර්ණයෙන්ම නිරාකරණය කර යථා තත්ත්වයට පත් කරන බව ද වෛද්‍ය හංසක විජේමුණි මහතා වැඩිදුරටත් පැවසීය.














