ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හයක් ඉරානයෙන් ගෙන්වා ගැනීම සඳහා විශේෂ සැලසුම් සකස් කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුනි මහතා පවසයි. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද, මෙම ඖෂධ තොග ගුවන් මගින් හෝ විකල්ප මාර්ග ඔස්සේ මෙරටට ගෙන්වා ගැනීමට රජය සූදානම්ව සිටී. මහනුවර උඩුනුවර ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ ඖෂධ තොගය මේ වන විටත් නිෂ්පාදනය කර අවසන්ව ඇති බැවින් ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා දෙවන මට්ටමේ සැලැස්මක් ද ක්‍රියාත්මක කර ඇති බවයි.














