• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2040 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා – ජනපති

6 June 2024
in දේශීය, පුවත්
2040 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා – ජනපති
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

රටේ ආර්ථික ඉලක්ක සපුරා ගන්නා අතර තුර 2040 වසර වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය ද සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවත්, කාබන් විමෝචනය ශුන්‍ය කිරීමේ ගෝලීය ඉලක්කය ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේදී සහ පරිසරයට අදාළ ශ්‍රී ලංකාවේ වත්මන් කාර්යභාරය සාම්ප්‍රදායික වැඩපිළිවෙළට සීමා කළ නොහැකි බවත්, එය වඩා ඉදිරියට ගෙන යමින් රටේ ආර්ථික ප්‍රතිපත්තියට මෙන්ම විදේශ ප්‍රතිපත්තියට ද ඇතුළත් කර තිබෙන බවත්ය.

එසේම දේශගුණික විපර්යාස පනත සහ දේශගුණික විපර්යාස පිළිබඳ මධ්‍යස්ථානය ඇති කිරිමට අදාළ පනත නීතිගත කිරීමත් සමඟ පරිසරය සහ දේශගුණික විපර්යාසවලට අදාළ නීතිමය රාමුව රට තුළ නිර්මාණය වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එවන් නීතිමය රාමුවක් අනෙකුත් රටවල දක්නට නොලැබෙන්නක් බවද සඳහන් කළේය.

එමෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ (Cop) සමුළුවලදී මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර වේදිකාවලදී ද ශ්‍රී ලංකාව පරිසරය වෙනුවෙන් ඉදිරියට පැමිණ කටයුතු කරන බව පැවසු ජනාධිපතිවරයා එහි ප්‍රධාන පියවරක් වශයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය මෙරට ස්ථාපිත කිරීමට අදාළ කෙටුම්පත ලබන වසරේ ජුනි මාසයට පෙර නීතිගත කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා බටහිර දියුණු රටවලින් ලබාදෙන බවට පොරොන්දු වු මුදල් පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුක්‍රේන යුද්ධයට ඇමරිකාව සහ යුරෝපය මේ වසරේ යොදවා තිබෙන මුදල් දෙස අවධානය යොමු කළහොත් එම මුදල් දේශගුණික විපර්යාවලට මුහුණදීමේ කටයුතු වෙනුවෙන් වසර දෙකකට ප්‍රමාණවත් බවද පැවසීය.

දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී අප්‍රිකාවේ අඩුආදයම්ලාභී රටවලට සහනයක් ලබා දීමට ලොව දියුණු රටවලට බල කරන අතරම නිවර්තන කලාපයේ රටවලට අවශ්‍ය මුදල් තමන්ම සොයාගත යුතු බව පැවසූ ජනාධිපතිවරයා එමඟින් ලෝකයේ දේශගුණික විපර්යාසවලින් කොටසක් නිවර්තන කලාපයේ රටවලට පාලනය කිරීමට හැකියාව ලැබෙන බවද පෙන්වා දුන්නේය.

“ඵලදායි භූමි පරිහරණයක් සුවදායි දෙරණක්” යන තේමාව යටගේ ජගත් පරිසර දින සැමරුම් උත්සවය ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර “ජාතික හරිත ප්‍රසම්පාදන ප්‍රතිපත්තිය” එළිදැක්වීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

රත්නපුර දිස්ත්‍රික්කයේ වර්ණගලවත්ත පරිසර ආරක්ෂක ප්‍රදේශය ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා විසින් අත්සන් තැබීමද මෙහිදී සිදු විය.

පාසල් පරිසර නියමුවන් 08දෙනෙකු වෙත සංකේතාත්මකව පදක්කම් පැළඳවීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මෙහිදී “සොබා” සඟරාවේ පළමු කලාපය ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතාට පිළිගන්වනු ලැබූ අතර, පාසල් සඳහා ඛනිජ කට්ටල ලබාදීම, පරිසර හිතකාමී කැණිම් බලපත්‍ර ලබාදීම හා හොඳම හරිත දුම්රිය ස්ථාන 10 සඳහා සහතික පත්‍ර හා තිළිණ පිළිගැන්වීම ද සිදු විය.

ජගත් පරිසර දිනයට සමගාමීව පසුගිය මැයි 30 සිට ජාතික පරිසර සතියක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර ජගත් පරිසර දිනයට සමගාමීව මෙරට වන ගහණය වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව සංවිධානය කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” මෙවර ජගත් පරිසර දිනය පවත්වනු ලබන්නේ ඉතා තීරණාත්මක අවස්ථාවකයි. ගෝලීය දේශගුණික විපර්යාස දෙස අවධානය යොමු කරන විට පැරිස් ගිවිසුමේ සඳහන් දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට අදාළ ඉලක්ක සපුරා ගැනීම පිළිබඳ අපට බලාපොරොත්තුවක් ඇති කරවන බව කිවයුතුයි. දැනටමත් අප අපේක්ෂා කළ මට්ටමට වඩා ගෝලීය උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම ඇතැම් දියුණු රටවල් දේශගුණික විපර්යාසවලට එරෙහිව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඉන්දීයාව, චීනය, ඉන්දුනීසියාව වැනි රටවල් එම ඉලක්කය සපුරා ගැනීමට කාලය අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල් ද තිබෙනවා. මේ සියල්ල සමඟ දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් සිරවී සිටිනවා. අපට දැන් ඒ පිළිබඳ නව ක්‍රියාමාර්ග ගැනීමට සිදුව තිබෙනවා. ඒ නිසා පරිසර අමාත්‍යාංශය ආරම්භ කළ සමයේ සිදු කළ වැඩකටයුතුවලට පමණක් අපට දැන් සීමා විය නොහැකියි. මෙම ඉලක්ක කරා ළඟාවීමට නම් අපට නව වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. අප එම වැඩකටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා. එහි පළමු කාර්යය වන්නේ නව නීති පද්ධතියක් ඇති කිරීමයි. එහි පළමු නීතිය අප දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීම පිළිබඳව ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ 3 වන වගන්තියේ ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය (අ) II සඳහන් වෙනවා. ඒ අනුව ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් කළ ආසියාවේ පළමු රට බවට අප පත්ව තිබෙනවා. රටේ ආර්ථික ඉලක්ක සපුරා ගන්නා අතරම අප මෙම ඉලක්කය ද ළඟා කර ගත යුතුයි. 2050 වන තෙක් නොසිට 2040 වන විට මෙම ඉලක්කය සපුරා ගැනීමට අප අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව අපි ඉදිරි කටයුතු කරගෙන යනවා. ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත වූ පසු එය ජාතික ප්‍රතිපත්තිය බවට පත්වෙනවා. එතැන් සිට සෑම ආයතනයක්ම ඒ අනුව ක්‍රියා කළයුතු වන අතර රාජ්‍ය නොවන අංශයට ද ඒ අනුව කටයුතු කිරීමට සිදුවෙනවා. ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරිය විසින් සකස් කළ පරිසර නීතියේ සංශෝධන සිදු කිරීම අවශ්‍ය වී තිබෙනවා. එම පරිසර නීතිය සකස් කළේ 80 දශකයේදීයි. දැන් වන විට තත්ත්වය ඊට වඩා වෙනස් වී තිබෙනවා. එම සංශෝධන ද ඉදිරියේ දි සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දේශගුණික විපර්යාස පනතත්, දේශගුණික විපර්යාස පිළිබඳ මධ්‍යස්ථානය ඇති කරන පනතත් ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා. මේ කෙටුම්පත් දෙකම නීතිගත කළ විට ශ්‍රී ලංකාව තුළ පරිසරය පිළිබඳව සහ දේශගුණික විපර්යාස සම්බන්ධ මූලික නීතිමය රාමුවක් ඇති වෙනවා. ඒ වගේම හරිත ආර්ථිකයක් ඇති කිරීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට ද අප සැලසුම් කර තිබෙනවා. හරිත ආර්ථිකයක් වෙනුවෙන් කරන වැඩසටහන් සඳහා මුදල් සොයා ගැනීම එම ඒකකය මඟින් සිදු වෙනවා. මෙම වසර අවසන් වන විට එම සම්පුර්ණ ක්‍රමවේදය ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැනට ආරම්භ කර ඇති කෘෂි නවීකරණ වැඩපිළිවෙළ ද මෙම පරිසර ප්‍රතිපත්තිය අනුව ක්‍රියාත්මක කිරීමට අපි උපදෙස් දී තිබෙනවා. එමඟින් කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමග පරිසර ප්‍රතිපත්තිද ගමට යනවා. එසේනම් එම වැඩකටයුතු අප ජාතික වශයෙන් ක්‍රියාත්මක කරනවා. මුළු ලෝකයම දේශගුණික විපර්යාසවල දැඩි බලපෑමකට ලක්ව තිබෙන මෙවන් අවස්ථාවක ලංකාව වැනි රටකට නිශ්ශබ්දව සිටීමට බැහැ. ඒ නිසා දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවල (COP) මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර වේදිකාවලද පරිසරය වෙනුවෙන් ඉදිරියට පැමිණ කටයුතු කරන ලෙස මා විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ පරිසර අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. මෙහි ප්‍රධාන කරුණක් ලෙස දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ඇති කිරීමට අප පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳ රටවල් ගණනාවක් සමග අප සාකච්ඡා කර තිබෙන අතර මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම වෙනුවෙන් කොත්මලේ ප්‍රදේශයේ අක්කර 600ක භූමි ප්‍රදේශයක් ලබාගෙන තිබෙනවා. ඒ සඳහා වන කෙටුම්පත සැකසීමේ කටයුතු එළැඹෙන මාසයේ දී පමණ අවසන් වු පසු ඊට අදාළ ජාත්‍යන්තර සංවිධාන සමඟ සාකච්ඡා කරනවා. එම වැඩකටයුතු අවසන් වීමෙන් පසු ලබන වසරේ ජූනි මාසයට පෙර එය නීතිගත කිරීමට බලාපොරොත්තු වෙනවා. දේශගුණික විපර්යාසවලට මුහුණදීම පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ සඳහා අප මෙම විශ්වවිද්‍යාල භාවිතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමේ දී ගැටළු මතුවී තිබෙනවා. තුන්වන ලෝකයේ රටවල් කියන්නේ ඔවුන්ට මේ සඳහා මුදල් නොමැති බැවින් මුදල් ලබා දෙන ලෙසයි. නමුත් මගේ මතය වන්නේ සෑම රටක්ම එසේ පැවසීම අවශ්‍ය වන්නේ නැහැ. අද ආර්ථික වශයෙන් ගැටළුකාරී තත්ත්වයට මුහුණ දී සිටින ලංකාව පවා එසේ මුදල් ඉල්ලා සිටින්නේ නැහැ. නමුත් අප්‍රිකාවේ ආර්ථික වශයෙන් නොදියුණු රටවලට දැනට ගෙවීමට තිබෙන ණය කපා හරින ලෙස අප ඉල්ලීමක් සිදු කර තිබෙනවා. අප ඒ වෙනුවෙන් තවත් රටවල් ගණනාවක් සමඟ එක්ව සිටිනවා. ඒ වගේම බටහිර ලෝකයෙන් සහ දියුණු රටවලින් අපට මේ සඳහා ලබාදෙන බවට පොරොන්දු වූ මුදල් ලැබී නැහැ. නමුත් යුක්‍රේන යුද්ධයට ඇමරිකාව සහ යුරෝපය මේ වසරේ යොදවා තිබෙන මුදල් දෙස අවධානය යොමු කළහොත් ඒ මුදල් දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ කටයුතු සඳහා අපට වසර දෙකකට ප්‍රමාණවත් වෙනවා. රුසියාව වියදම් කරන මුදල් තවම ගණනය කර නැහැ. ඒ වගේම ගාසා තීරයේ යුද්ධයට යොදවන මුදල්, ඒ සඳහා යවන ආයුධ සඳහා දරණ පිරිවැය මෙම කටයුතු වෙනුවෙන් ලබාදුනහොත් ලෝකය වෙනස් කිරීමට හැකියාව ලැබෙනවා. නමුත් මේ මුදල් ලැබෙයි කියා අපට බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා නිවර්තන කලාපය ලෙස අපට අවශ්‍ය මුදල් අපම සොයා ගමු කියා ශ්‍රී ලංකාව යෝජනා කර තිබෙනවා. අප්‍රිකාවේ අඩුආදායම්ලාභී රටවලට සහනයක් ලබා දීමට ලොව දියුණු රටවලට බල කරන අතරම අපේ රටවලට අවශ්‍ය මුදල් අපිම සොයා ගනිමු. විශේෂයෙන් පරිසර අංශයේ කාබන් ක්‍රෙඩිට් ලබා ගැනීම වෙනුවෙන් සමාගම් ගණනාවක් කටයුතු කරගෙන යනවා. එසේනම් අපට තිබෙන්නේ අපේ රටවල කාබන් ක්‍රෙඩිට් ලබාගත හැකි ව්‍යාපෘති ආරම්භ කිරීමයි. මේ සඳහා අප නිවර්තන කලාපය වෙන් කර තිබෙනවා. ඒ ඒ රටවල් ඒ සඳහා ක්‍රියාත්මක වන්නේ නම් අපට අවශ්‍ය මුදලින් කොටසක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ලෝකයේ දේශගුණික විපර්යාසවලින් කොටසක් ඒ අනුව පාලනය කිරීමට හැකියාව තිබෙනවා. බ්‍රසීලයේ ඇමසන් ගංගා මිටියාවතත්, ඒ අවට තිබෙන විශාල වනාන්තරත් ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම මෙහිදී ඉන්දියන් සාගරයේ කාර්යභාරය පිළිබඳවද අප සාකච්ඡා කරගෙන යනවා. ඒ අනුව දේශගුණික විපර්යාසවලට මුහුණදීමේදී සහ පරිසරයට අදාළව ශ්‍රී ලංකාවේ කාර්යභාරය සම්ප්‍රදායට සීමා වන්නේ නැහැ. අප ඊට වඩා ඉදිරියට යා යුතු අතර එය ආර්ථික ප්‍රතිපත්තිය මෙන්ම විදේශ ප්‍රතිපත්තියට ද ඇතුළත් කර තිබෙනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, පරිසර අමාත්‍යාංශයේ ලේකම් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති, පළාත් පාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 18,791
Previous Post

ලෝක පරිසර දිනයට පැණි වරකා පැළ 1500 ක් රට පුරා සිටුවීමේ වැඩසටහනක්

Next Post

ගංවතුර සහනාධාර ලබාදීමට UN සහ NGO නියෝජිතයින් අතර රාජ්‍ය ඇමති ප්‍රමිත අතර සාකච්ඡාවක්

editor ttvnews

editor ttvnews

Next Post
ගංවතුර සහනාධාර ලබාදීමට UN සහ NGO නියෝජිතයින් අතර රාජ්‍ය ඇමති ප්‍රමිත අතර සාකච්ඡාවක්

ගංවතුර සහනාධාර ලබාදීමට UN සහ NGO නියෝජිතයින් අතර රාජ්‍ය ඇමති ප්‍රමිත අතර සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved