• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා – ජනපති

29 February 2024
in දේශීය, පුවත්
ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා – ජනපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බල එදිරිවාදිකම් නොමැති බව සහතික කිරීම සහ ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපායමාර්ගික ස්ථාවරත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නාවික නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන කැපවීම හේතුවෙන් රතු මුහුදේ මෙහෙයුම් සඳහා දායක වීමට ශ්‍රී ලංකාව තීරණය කළ බව පැවසූ ජනාධිපතිවරයා සය දින යුද්ධය නිසා වසර දහයක් තිස්සේ සූවස් ඇළ වසා දැමීම, කොළඹ වරායට අහිතකර ලෙස බලපෑ ආකාරය ද සිහිපත් කළේය.

එබැවින් සීමාවලින් තොරව නාවික කටයුතු සහතික කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (28) කොළඹ දී ආරම්භ වු පාත්ෆයින්ඩර් පදනම සංවිධානය කරන ඉන්දියානු සාගර ආරක්ෂක සමුළුවේ තුන්වන අදියර ප්‍රධාන දේශනය සිදු කරමිනි.‍

ගෝලීය ආරක්ෂාව සහ සැපයුම් දාමයේ ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි කලාපයේ බලපෑම අවධාරණය කරමින්, ඉන්දියානු සාගරයේ වැදගත්කම සලකා බැලෙන මෙම දෙදින සමුළුව සඳහා රටවල් ගණනාවකින් නියෝජිතයෝ එක්ව සිටී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “ ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපීය සහ ගෝලීය වශයෙන් අප සැමට මුහුණ දීමට සිදුව ඇති ප්‍රධාන ප්‍රශ්නවලින් එකක් ආමන්ත්‍රණය කිරීම සඳහා පාත්ෆයින්ඩර් පදනම සමඟ මේ අවස්ථාවට එක් වීමට ලැබීම සතුටට කරුණක් බව කිව යුතුයි. මෙම සැසිවාරය සංවිධානය කිරීම පිළිබඳවත්, මෙම කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දක්වන අඛණ්ඩ උනන්දුව පිළිබඳවත් මිලින්ද මොරගොඩ මහතාටද ප්‍රශංසා කළ යුතුයි. ඉන්දියන් සාගරය, එක් තීරයක් එක් මාවතක් වැඩසටහනෙහි හෝ ඉන්දු-පැසිෆික් වැඩසටහනෙහි කොටසක් ලෙස සැලකිය නොහැකියි. ඉන්දියන් සාගරය මේ වන විට ලෝකයේ උපාය මාර්ගික භූ දේශපාලන කලාපයක් බවට පත්ව තිබෙනවා. එය සිදු වූයේ පසුගිය වසර පහ-හයක කාලය තුළයි. මේ වන විට සිදු වී ඇති සිදුවීම්වලින් ඒ බව අපට සනාථ කර තිබෙනවා. ඒ වගේම ඉන්දියාව ලොව විශාලම ආර්ථිකයක් බවට පත් වීමට නියමිතයි. ඒ වගේම ඉන්දියානු වෙළෙඳපොළ 21 වැනි සියවස අවසානය දක්වාම පුළුල් වෙනවා. එය සියලු දෙනා පිළිගෙන තිබෙනවා. ඉන්දුනීසියාවත් විශාල ආර්ථික දියුණුවක් කරා ගමන් කරමින් සිටිනවා. කෙසේ වුවත් ඉන්දියන් සාගර කලාපය මේ වන විට නැඟී එන ආර්ථිකයක් බවට පත්ව තිබෙනවා. මේ තත්ත්වය තුළ බල එදිරිවාදිකම්වලින් තොරව ඉන්දියන් සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීම සඳහා උපායමාර්ගික ස්ථාවරත්වයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටිනවා. රතු මුහුදේ මෙහෙයුම් සඳහා දායක වීමටද ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා. මොකද මේ වන විට දක්නට ඇති ආකාරයට මෙහෙයුම් පිරිවැය ඉහළ යාම නිසා අපට සූවස් ඇළ හරහා නාවික ගමනාගමනයේ නිදහස පැවතීම වැදගත් වෙනවා. සය දින යුද්ධය හේතුවෙන් සූවස් ඇළ වසා දැමූ අවස්ථාවේ වසර දහයක් කොළඹ වරාය පීඩාවට පත් වුණා. ඒ නිසා නාවික ගමනාගමනයේ නිදහස පවතින බවට අප සහතික විය යුතුයි යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ, ඇමරිකා එක්සත් ජනපද තානාපති ජුලී චන්ග්, නිරිතදිග ආසියානු කටයුතු පිළිබඳ ජපානයේ නියෝජ්‍ය සහකාර අමාත්‍ය හයාෂි මාකෝටෝ, පාත්ෆයින්ඩර් ඉන්දියානු සාගර ආරක්ෂක සමුළුවේ සම සභාපතිවරුන් වන බර්නාඩ් ගුණතිලක, ෂිව්ශංකර් මෙනන් යන මහත්වරුන් සහ මහකොමසාරිස්වරු, තානාපතිවරු, අමාත්‍යාංශ නිලධාරීහු, ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඇතුළු දෙස් විදෙස් නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Post Views: 12,796
Previous Post

ජුනි සිට අස්වැසුම ප්‍රතිලාභීන් ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට සූදානම් – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

Next Post

මම මගේ ඇගිල්ලේ තරම දන්නවා .. අනුරට වඩා හරිනියි ජනාධිපතිකමට ඉල්ලන්න ඕන – හිරුණීකා ප්‍රේමචන්ද්‍ර

editor ttvnews

editor ttvnews

Next Post
මම මගේ ඇගිල්ලේ තරම දන්නවා .. අනුරට වඩා හරිනියි ජනාධිපතිකමට ඉල්ලන්න ඕන – හිරුණීකා ප්‍රේමචන්ද්‍ර

මම මගේ ඇගිල්ලේ තරම දන්නවා .. අනුරට වඩා හරිනියි ජනාධිපතිකමට ඉල්ලන්න ඕන - හිරුණීකා ප්‍රේමචන්ද්‍ර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

මහින්දගේ ජීවිතය බේරා ගන්න – කොමොන්ඩෝ මෙහෙයුමක්

15 September 2025
වසර 60කට පමණ පසු නවීකරණය වෙන  පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

වසර 60කට පමණ පසු නවීකරණය වෙන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ

15 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

බ්ලූ ලයින් දුම්රියේ ඛේදවාචකය – වුන දේවත් නොදැන  ම ඈ හදවත් කම්පාකරමින් අවසන් ගමන් යයි

15 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සුදානම්

15 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved