27 April 2024
#දේශීය #පුවත්

ජුනි සිට අස්වැසුම ප්‍රතිලාභීන් ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට සූදානම් – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම් කළ ප්‍රතිලාභ අපේක්ෂිතයන්ගේ දත්ත පරීක්ෂා කිරීම සහ සහතික කිරීම අවසන් කර ඇති බවත්, 2024 ජුනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ඒකක ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට සියලු කටයුතු සූදනම් කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් කැඳවීම 2024 මාර්තු 15 වනදායින් අවසන් වන අතර ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් නොකරන කිසිවකු අස්වැසුම ප්‍රතිලාභය ලැබීමට සුදුසුකම් නොලබන බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එමෙන්ම සාවද්‍ය තොරතුරු හරහා අස්වැසුම ප්‍රතිලාභ ලබාගත් 7000ක පමණ පිරිසක් ඉන් ඉවත් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *