ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර අත්සන් කරන ලද රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීමේ ද්විපාර්ශ්වික ගිවිසුම යටතේ, බලපත්‍ර පරිවර්තනය කිරීමේ අයදුම්පත් භාර ගැනීම අද (අප්‍රේල් 10) සිට ආරම්භ වන බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි. මෙය ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව දීර්ඝ කාලයක සිට බලාපොරොත්තුවෙන් සිටි සේවාවකි.
අතිවිශාල අයදුම්පත් සංඛ්‍යාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, අප්‍රේල් 10 සහ අප්‍රේල් 15 යන දිනයන් මෙම සේවාව සඳහාම පමණක් වෙන් කිරීමට තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය පියවර ගෙන ඇත. ඒ අනුව එම දින දෙකෙහි අනෙකුත් සියලුම කොන්සියුලර් සේවාවන් හදිසි කාරණා සඳහා පමණක් සීමා වනු ඇත.
මෙම කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම සඳහා තානාපති කාර්යාලය විශේෂ විධිවිධාන සලසා ඇති අතර, මේ සඳහා මහජනතාවගේ උපරිම සහයෝගය අපේක්ෂා කරයි. මෙම ගිවිසුම ක්‍රියාත්මක වීමත් සමඟ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට එරට රැකියා කටයුතු සහ දෛනික ජීවිතය වඩාත් පහසු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














