2026 අයවැය යෝජනාවලට අනුව රුපියල් 10,000 දක්වා ඉහළ නැංවූ ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව දීමනාව අද (10) සිට විශ්වවිද්‍යාල සිසුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරේ. මෙතෙක් රුපියල් 7,500ක් ලෙස පැවති මෙම මාසික දීමනාව ජනවාරි මාසයේ සිට බලාත්මක වන පරිදි රුපියල් 2,500කින් වැඩි කිරීමට රජය පියවර ගෙන තිබුණි.
ඒ අනුව ජනවාරි මාසයට අදාළ මෙම වැඩි කළ දීමනාව ලබාදීම අද සිට ආරම්භ වන බව මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල පවසයි. පවතින ආර්ථික තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාල සිසුන්ට සහනයක් සැලසීම මෙම පියවරෙහි අරමුණයි. මීට අමතරව, මෙරට 5 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය ද අද දිනයේ ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.














