ශ්‍රී ලංකාවේ පවතින භාෂා විවිධත්වය රටේ පවතින බහුත්වවාදී උරුමයේ අභිමානය මැනවින් පෙන්නුම් කරන සාධකයක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රකාශ කළාය. කොළඹ විශ්වවිද්‍යාලයේදී අද (13) පැවැති “2026 ජාත්‍යන්තර මව් භාෂා දින සැමරුම්” උත්සවයට සහභාගී වෙමින් ඇය මේ බව සඳහන් කළාය. භාෂා අයිතීන් ආරක්ෂා කිරීම සහ බහුභාෂා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම හරහා සමාජ සංහිඳියාව ශක්තිමත් කළ හැකි බවත්, එමගින් අනාගත පරපුර බලගැන්වීමට අවස්ථාව ලැබෙන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියාය.














