රජයේ ප්‍රධාන සංකල්ප වන ඩිජිටල්කරණය, දිළිඳු බව තුරන් කිරීම සහ “ක්ලීන් ශ්‍රී ලංකා” (Clean Sri Lanka) වැඩපිළිවෙළට අනුකූලව ඉදිරි ව්‍යාපෘති සැලසුම් කරන ලෙස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2027 අයවැය යෝජනා සකස් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයේදී පැවැති මූලික සාකච්ඡාවකට එක්වෙමිනි.
2030 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක ඉලක්කයක් කරා රැගෙන යාම රජයේ අරමුණයි. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා වැවිලි භෝග අපනයනය මගින් පමණක් ඩොලර් බිලියන 6ක දායකත්වයක් ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මීට අමතරව, අමාත්‍යාංශය මගින් දැනට ක්‍රියාත්මක කෙරෙන නිවාස ව්‍යාපෘති ද නව සැලැස්මකට අනුව වඩාත් කාර්යක්ෂමව සහ විධිමත්ව සකස් කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. රජයේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී නවීන තාක්ෂණය භාවිත කිරීම සහ දිළිඳුකම පිටුදැකීමට ප්‍රමුඛතාව ලබා දීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු විය.














