පසුගිය 08 වනදා මුදා ගෙන වියට්නාමයේ වුන්ග් ටෝ වරාය වෙත රැගෙන එනු ලැබූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මගීන්ගේ ප්‍රගතිය පිළිබඳව අධිකරණය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
පිලිපීනය සහ වියට්නාමය අතර මුහුදු තීරයේ දී විපතට පත්, ශ්‍රී ලාංකිකයන් යැයි සැලකෙන ආසන්න වශයෙන් පුද්ගලයින් 303 දෙනෙකු රැගත් යාත්‍රාවක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය 07 වනදා දින ශ්‍රී ලංකා නාවික හමුදාවට දැනුම් දුන්නේය. යාත්‍රාව සම්බන්ධ කර ගත් නාවික හමුදාව, එහි කාර්ය මණ්ඩලය මගීන් ද සමඟ යාත්‍රාව අත්හැර දමා ගොස් ඇති බව දන්වා සිටියේය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පිලිපීනය, සිංගප්පූරුව සහ වියට්නාමය යන රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ සිංගප්පූරුව පදනම් කරගත් කලාපීය සමුද්‍රීය මුදා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව, එම මුදා ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කරන ලදී.
සිංගප්පූරු සමුද්‍රීය මුදා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් සම්බන්ධ කර ගනු ලැබූ ජපන් ධජය සහිත “හේලියෝස් ලීඩර්” නෞකාව මඟින්, අනතුරට පත් යාත්‍රාවෙන් මගීන් මුදා ගන්නා අතර දකුණු වියට්නාමයේ වුංග් ටෝ වරායේ දී මෙම මගීන් වියට්නාම බලධාරීන් වෙත භාර දෙනු ලැබීය.
මෙම මගීන් පරීක්ෂා කිරීම, වියට්නාම බලධාරීන් සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් සිදු කරනු ලැබේ.
පිලිපීනයේ, සිංගප්පූරුවේ සහ වියට්නාමයේ සිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සමඟ මගීන්ගේ ජාතිකත්වය තහවුරු කර ගැනීම පිළිබඳ පරීක්ෂණ ක්‍රියාවලිය සහ අනෙකුත් විධිවිධාන අවසන් වූ පසුව, ඔවුන් කඩිනමින් ආපසු ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය අඛණ්ඩව කටයුතු කරයි.
.
Sri Lanka monitors the progress of rescued passengers
The Ministry of Foreign Affairs continues to monitor the progress of the passengers of Sri Lankan origin who were rescued and brought to the Port of Vung Tau in Viet Nam on 08 November 2022.
The Ministry of Foreign Affairs informed the Sri Lanka Navy that they had received information about a vessel carrying approximately 303 persons believed to be Sri Lankans which was in distress in the waters between the Philippines and Viet Nam on 07 November 2022. The Sri Lanka Navy, having contacted the vessel, informed that the crew had abandoned the vessel with the passengers onboard.
On the initiative of the Ministry of Foreign Affairs in coordination with the Sri Lanka Navy and the Sri Lanka Missions in the Philippines, Singapore and Viet Nam together with the regional Maritime Rescue Coordination Centers (MRCC) based in Singapore, the rescue efforts were coordinated.
Subsequently, the Japanese-flagged vessel, “Helios Leader”, having been contacted by the Singapore MRCC, rescued the passengers from the distressed vessel. The passengers were handed over to Viet Nam authorities at Vung Tau Port in South Viet Nam.
The screening of the passengers will be done by the International Organization for Migration (IOM) in coordination with the Viet Nam authorities and the Sri Lanka Embassy in Viet Nam.
The Ministry of Foreign Affairs continues to work closely with the Sri Lanka Missions in the Philippines, Singapore, Viet Nam and IOM for early repatriation, once the screening process to ascertain their nationality and other formalities are completed.