27 April 2024
#දේශීය

පවුල් ආරවුලක් දුර දිග ගොස් පුද්ගලයෙකු ජයගඟට පනි

එප්පාවල පොලිස් වසමේ මහඉලුප්පල්ලම කුඹුක්ඇන්ද ප්‍රදේශයෙන් පවුල් ආරවුලක් දුර දිග ගොස් ජයගඟට පැන අතුරුදන් පුද්ගලයා සොයා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් පැය 08 කට වැඩි මෙහෙයුමක් අද (09) දියත් කළද මෙතෙක් ඔහු පිළිබඳ තොරතුරක් නොලැබුණ බව එප්පාවල පොලීසිය පවසයි.

ටෝනී කුමාර සිල්වා නම් තිදරු පියෙකු මෙලෙස සිය දිවි නසා ගැනීමට ජය ගඟට පැණ ඇති අතර, ජයගඟෙහි ජල පරිමාව ඉතා ඉහළ අගයක් ගෙන ඇති බැවින් තවමත් ඔහු සම්බන්ධයෙන් තොරතුරක් නැතැයි පොලීසිය පවසයි.

අද (09) උදෑසන කුඹුක්ඇන්ද ප්‍රදේශයේදී දිය නෑමට භාවිතා කරන මංකඩක් අසලදී සිය බිරිඳ සමඟ ආරවුලක් ඇති කරගෙන ජයගඟට පැණ ඇතැයි පොලීසිය පවසයි.

අදාළ පුද්ගලයා බිරිඳ සමඟ මාස කීපයක් ආරවුලක් ඇති කර ගෙන ප්‍රදේශයෙන් පිටව ගොස් සිට ඇති අතර, අද (09) උදෑසන 6.00 ට පමණ ඔහුගේ බිරිඳ දිය නෑමට ජය ගඟට පැමිණි අවස්ථාවේදී බිරිඳ හමුවට පැමිණ බිරිඳ සමඟ වාද කර ගෙන ජය ගඟට පැණ ඇති අතර, ඒ අවස්ථාවේදී බිරිඳ කෑ ගසා ප්‍රදේශවාසීන්ට කළ දැනුම්දීම මත එප්පාවල පොලීසිය පැමිණ ජය ගඟට පැණ අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලිස් ජීවිතාරක්ෂක නිළධාරින් හා ගම්වාසීන් එක්ව මෙහෙයුම් දියත් කළද ජය ගඟෙහි පවතින ඉහළ ජල ධාරිතාව හේතුවෙන් ඔහු සම්බන්ධ තොරතුරක් මෙතෙක් සොයා ගත නොහැකි වූ බව පොලීසිය පවසයි.

කල්පිටිය නාවික හමුදා කිමිදුම් එකක පැමිණ මේ සම්බන්ධ වැඩි දුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

 

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *