ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කුඩු දෙවින්ද’ නමැත්තාගේ මෙහෙයවීම මත මොරටුව සහ රත්මලාන ප්‍රදේශවල මත්කුඩු බෙදාහැරීමේ නිරත වූ ‘බට්ටි’ නමැති කාන්තාව හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලිස් දූෂණ මර්දන අංශය සමත්ව තිබේ. මොරටුව උප ඒකකයේ පොලිස් සැරයන් වික්‍රමසිංහ මහතාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති එස්.අයි. හපුආරච්චි මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදුකළ මෙම වැටලීමේදී, ලුනාව ප්‍රදේශයේ පදිංචි වීරහැන්නදිගේ සිරියලතා නොහොත් ‘බට්ටි’ නමැති සැකකාරිය හෙරොයින් මිලිග්‍රෑම් 5580ක් සමඟ මෙලෙස කොටු වී ඇත.
සැකකාරිය මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති අතර, ඇය මෙල්බර්න් නුවර සිටින ‘දෙවින්ද’ නමැති ජාවාරම්කරුගේ සමීපතම ගෝලයෙකු ලෙස කටයුතු කරමින් රත්මලාන, ගල්කිස්ස සහ මොරටුව ප්‍රදේශවල මහා පරිමාණයෙන් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙලෙස මෙරට තුළ සිටින ජාලයේ සාමාජිකයන් අත්අඩංගුවට ගත්තද, විදේශ රටවල සැඟව සිටිමින් මෙම ජාල මෙහෙයවන ප්‍රධාන මහමොළකරුවන් මෙරටට ගෙන්වා නීතිය හමුවට පමුණුවන තෙක් මෙම ජාවාරම මුළුමනින්ම තුරන් කිරීම අසීරු වනු ඇති බවට ප්‍රදේශවාසීහු මත පළ කරති.














