ජාතික රක්ෂණ තොරතුරු පද්ධතියක් සැකසීමට රජය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා රක්ෂණ නියාම කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් මහතා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ මෝටර් රථ වාහන සඳහා විශේෂ ඩිජිටල් කාඩ්පතක් හඳුන්වා දීමට ද කටයුතු යොදා ඇති බවයි.
දැනට මෙරට ලියාපදිංචි වී ඇති රක්ෂණ සමාගම් 29ම ක්‍රමවත්ව නියාමනය කිරීමට පියවර ගෙන ඇති බවත්, රක්ෂණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙම නව පද්ධතියේ ප්‍රධාන අරමුණ බවත් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. රක්ෂණ නියාම කොමිෂන් සභාවේ පසුගිය වසරේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කෙරිණි.














