විදෙස් බුද්ධි තොරතුරක් මත බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ විශේෂ අවේක්ෂණ මෙහෙයුමකදී සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 300කට අධික දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
අද (01) උදෑසන අදාළ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත ආරක්ෂිතව රැගෙන ඒමෙන් පසුව විශේෂ ඒකාබද්ධ පරීක්ෂාවකට ලක් කර ඇත. එහිදී යාත්‍රාව තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ උර 298ක අසුරන ලද මෙම මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදා භාරයට ගත් බව නාවික හමුදාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා නිල වශයෙන් ප්‍රකාශ කළේය. මෙය මෑත කාලයේදී ගැඹුරු මුහුදේදී සිදුකළ සාර්ථකම මත්ද්‍රව්‍ය වැටලීමක් ලෙස සැලකේ.














