හැත්තෑ දෙවසරක (72) දීර්ඝ ඉතිහාසයකට උරුමකම් ඇති දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාව 72 වන සංවත්සරය අද දින ( 09) අභිමානවත්ව සමරයි.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් 72 වන සංවත්සරය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් සිදුකරනු ලබන අතර, 72 වන සංවත්සරයට සමගාමීව, මෙවරද ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේ ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකා නැංගුරම්ලා තබා දේශයේ නාවික බලය පොදු මහ ජනතාවට දැකබලා ගැනීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.
72 වන සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ නිර්දේශය මත නිලධාරීන් 222 දෙනෙකු සහ විවිධ තරාතිරම් වලට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3548 ක් අද දින (2022 දෙසැම්බර් 09) උසස් කිරීමට කටයුතු කෙරිණි. ඒ අනුව, කොමදෝරු නිලය දක්වා නිලධාරීන් දෙදෙනෙක්ද (02), ලුතිනන් කොමාණ්ඩර් නිලය දක්වා නිලධාරීන් පනස් හයදෙනෙක්ද (56), ලුතිනන් නිලය දක්වා නිලධාරීන් පනස් අට දෙනෙක්ද (58), උප ලුතිනන් නිලය දක්වා නිලධාරීන් හැට හත් දෙනෙක්ද (67), වැඩ බලන උප ලුතිනන් නිලය දක්වා නිලධාරීන් හත් දෙනෙක් (07) සහ මධ්‍ය නිලධාරි දක්වා නිලධාරීන් තිස් දෙදෙනෙක්ද (32) වශයෙන් නිලධාරීන් 222 ක් ඊළඟ නිලය දක්වා උසස් කරන ලදී.
එමෙන්ම, සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 692 ක්ද, බල නැවි තරාතිරම දක්වා නාවිකයින් 287 ක්ද, නායක නැවි තරාතිරම දක්වා නාවිකයින් 951 ක්ද, සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 1259 ක්ද, ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 330 ක් ද, සමූහ ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 18 ක් සහ පාලක ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 11 ක් වශයෙන් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 3548 ක් ඊළඟ තරාතිරම දක්වා උසස් කරන ලදී.
අද දින ( 09) අභිමානවත් 72 වන සංවත්සරය සමරන ශ්‍රී නාවික හමුදාව දිර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. දෙවන ලෝක යුද්ධයක පෙර ලකුණු පහළවීමත් සමඟ මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් ගනු ලැබූ ප්රතිපත්තීමය තීරණයකට අනුව, 1937 අංක 01 දරණ ස්වේච්ඡා නාවික හමුදා ආඥා පනත මඟින් ප්‍රථම වරට ස්ථාපිත වූ ‘ලංකා ස්වේච්ඡා නාවික හමුදාව’, 1943 ඔක්තෝබර් මස 01 දින ‘රාජකීය ලංකා ස්වේච්ඡා නාවික උපසේවය’ බවට පත්විය.
1948 පෙබරවාරි මස 04 වන දින මෙරටට නිදහස ලැබීමෙන් අනතුරුව, 1950 අංක 34 දරණ නාවික හමුදා පනත මඟින්, 1950 දෙසැම්බර් මස 09 වන දින ‘රාජකීය ලංකා නාවික හමුදාව’ ස්ථාපිත කිරීමත් සමඟ මෙරට ස්ථිර නාවික හමුදාවක ආරම්භය සනිටුහන් විය. එතැන් සිට මෙරට සාගරික වපසරියේ ආරක්ෂකයා ලෙස සුවිශේෂී වගකීමක් රාජකීය ලංකා නාවික හමුදාවට පැවරිණි. දිනෙන් දින වර්ධනය වූ රාජකීය ලංකා නාවික හමුදාව, 1972 වර්ෂයේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව බවට පත් විය.
1980 දශකයේ මුල් භාගයේදී රටේ ඇති වූ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් එතෙක් සාම්ප්‍රදායික චාරිත්‍රානුකූළ නාවික හමුදා භූමිකාවෙන් සංග්‍රාමික භුමිකාව වෙත පරිවර්තනය වූ නාවික හමුදාව, එතැන් සිට ත්‍රස්තවාදය මෙරටින් පිටුදැකීමේ ජාතික කර්තව්‍යය වෙනුවෙන් පිරිස් බලයෙන් හා යුදමය ශක්‍යතාවයෙන් ක්‍රමිකව වර්ධනය විය. දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය 2009 වර්ෂයේදී මානුෂීය මෙහෙයුමකින් විජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව දායක වන්නේ, මෙරට සාගරික වපසරිය මතින් පැන නඟින අභියෝග ජය ගැනීමට සමත් දේශයේ පළමු ආරක්ෂක වළල්ල බවට පත් වෙමිණි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කරන ලදී. එම ආගමික වැඩසටහන් මාලාව රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී 2022 නොවැම්බර් මස 09 සහ 10 දෙදින කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය සිදුකිරීමෙන් ආරම්භ වූ අතර, ක්‍රිස්තියානි දේව මෙහෙය කොළඹ, ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී නොවැම්බර් මස 18 වන දින සිදුකෙරිණි.
එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව පැමිණි වසර 72 ක දීර්ඝ ඉතිහාසය තුල මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් සිදුකළ අනභිභවනීය මෙහෙවර හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝධාර නාවික විරුවන් ගෞරවයෙන් අනුස්මරණය කරමින් සහ වත්මන් නාවික හමුදාධිපති ඇතුළු සේවයේ යෙදී සිටින සියළුම නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත ආශිර්වාද පතා සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනයක් සහ ගරුතර මහා සංඝ රත්නය 72 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම 2022 නොවැම්බර් මස 25 සහ 26 දෙදින වැලිසර නාවික සංකීර්ණයේදී සිදු කෙරිණි. නාවික හමුදාවට සෙත් පතා හින්දු දේව මෙහෙයක් කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් හින්දු දේවස්ථානයේදී 2022 දෙසැම්බර් මස 01 දිනද, ඉස්ලාම් දේව මෙහෙයක් කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේ දී 2022 දෙසැම්බර් 02 දිනද පවත්වන ලදී.
තවද, 2022 දෙසැම්බර් මස 08 වන දින නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළඳා සමිඳුන් වෙත ගිලන්පස බුද්ධ පූජාව සිදුකරන ලද අතර, නාවික හමුදාවට ආශිර්වාද පතා අද (2022 දෙසැම්බර් 09) දළඳා සමිඳුන් උදෙසා බුද්ධ පූජාව සහ භික්ෂූන් වහන්සේ විෂයෙහි දානමය පුන්‍යකර්මය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළඳා සමිඳුන් අබියසදී සිදු කෙරිණි. එමෙන්ම නාවික හමුදා බෞද්ධ සංගමයේ දායකත්වයෙන් අද (2022 දෙසැම්බර් 09) සඳහිරු සෑය අභියසදී නාවික හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් ආලෝක පූජාවක්ද පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
තවද, 72 වන නාවික හමුදා සංවත්සර දිනයට සමගාමීව නාවික හමුදාව විසින් සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලද අතර, ඒ යටතේ උතුරු නාවික විධානය සහ නැගෙනහිර නාවික විධානය මඟින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහන් මඟින් නාවික පුද්ගලයන් 750 කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ලේ දන්දීමට කටයුතු කෙරිණි. තවද, සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි ශ්‍රමදාන වැඩසටහන් ක්‍රියාවට නැංවීමටද කටයුතු කෙරිණි.
දෘෂ්‍යමාන සතුරෙකු නොමැති වුවත්, සාගරය මතින් එල්ලවන අභියෝග ජයගැනීම සඳහා, සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මඟ පෙන්වීම මත, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ නායකත්වය යටතේ, සුරක්ෂිත සාගර කළාපයක් පවත්වා ගැනීමේ ජාතික අභිලාශය සාක්ෂාත්කර ගැනීම උදෙසා කාලීනව නව්‍යකරණය වූ ඉහළ සංචරණ ධාරිතාවයකින් යුත් නෞකා සහ යාත්‍රා සමූහයකින් ද, නාවික හමුදාවේ කාර්යය සහ කර්තව්‍ය ඉටු කිරීම සඳහා මනා ලෙස සංවිධානය වූ පරිපූර්ණ මානව සම්පතකින් ද යුත් ශ්‍රී ලංකා නාවික හමුදාව, සිය හමුදාමය, රාජ්‍යතාන්ත්‍රික සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ භූමිකාවන් කාර්යක්ෂමව සිදු කරමින් දේශයේ ප්‍රථම ආරක්ෂක වළල්ල ශක්තිමත් කිරීමට උපරිම දායකත්වය ලබා දෙනු ලබයි.
Sri Lanka Navy – the First Line of Defence of the nation turns 72 today
Sri Lanka Navy which is held in high esteem as the First Line of Defence of the Nation is marking the organization’s 72nd Anniversary today (09th December 2022). At the directives of Commander of the Navy, Vice Admiral Nishantha Ulugetenne, a wide range of programmes are being conducted in each Naval Command, giving prominence to time-honoured naval customs and religious practices. In addition, capital ships of the Sri Lanka Navy will rest at anchor off the Galle Face Green today (09th December), giving the public an opportunity to have a glance at some of the major ships of the Sri Lanka Navy.
Coinciding with its anniversary, 222 officers as well as 3548 senior and junior sailors were promoted and advanced to their next higher ranks and rates on 09th December, at the recommendation of Commander of the Navy, Vice Admiral Nishantha Ulugetenne. Incidentally, 02 officers to the rank of Commodore, 56 to the rank of Lieutenant Commander, 58 to the rank of Lieutenant, 67 to the rank of Sub Lieutenant, 07 to the rank of Acting Sub Lieutenant and 32 to the rank of Midshipman were promoted, soaring the officers’ promotions to 222.
In the meantime, 692 personnel to the rate of Ordinary Seaman, 287 to the rate of Able Seaman, 951 to the rate of Leading Seaman, 1259 to the rate of Petty Officer, 330 to the rate of Chief Petty Officer, 18 to the rate of Fleet Chief Petty Officer and 11 to the rate of Master Chief Petty Officer, taking the tally of junior and senior sailor promotions to 3548.
From its small beginnings, the Navy has etched its name in the annals of Sri Lankan history by its courage and commitment for the protection of the nation. In the run-up to World War II, the Ceylon Volunteer Naval Force was established in the country by the Naval Volunteer Force Ordinance No. 01 of 1937. Subsequently, the Ceylon Volunteer Naval Force was renamed as the Ceylon Royal Naval Volunteer Reserve on 01st October 1943.
In the 1950s, the Navy sought to usher in a new chapter by establishing a regular naval force. Accordingly, the Royal Ceylon Navy was established by the Navy Act No. 34 of 1950, on 09th December 1950. Since then, the Royal Ceylon Navy has been entrusted with the sole responsibility of protecting the country’s maritime space. Going from strength to strength, the Royal Ceylon Navy became the Sri Lanka Navy in 1972 when Sri Lanka became a republic.
In the early 1980s, with the commencement of terrorist activities in the country, the role of the navy, which had been of ceremonial nature until then, was transformed into a military role. Over the years, the Navy has been strengthened in terms of manpower and naval capability for the national task of eradicating terrorism from the country. As the First Line of Defence, the Sri Lanka Navy played a praiseworthy role during the humanitarian operation which finally brought down the curtains on terrorism which scourged the country for nearly 30 years.
The religious programmes organized in view of the 72nd Anniversary of the Navy also took a center stage. Accordingly, the symbolic Kanchuka Puja and Flag Blessing ceremonies were held at the Ruwanwelisaya and Jaya Sri Maha Bodhi in Anuradhapura on 09th and 10th November. Similarly, the Joint Christian Commemoration & Thanksgiving Service was held at St. Lucia’s Cathedral in Kotahena on18th November.
In addition, an All-night Pirith Chanting and Alms Giving ceremonies were held at the Welisara Naval Complex on 25th and 26th November 2022. The special Puja of Hindu tradition was held at Sri Ponnambalawaneswarar Kovil, Colombo on 01st December and the special Islamic prayer session was held at the Jummah Mosque, Chatham Street on 02nd December. During these multi-religious spiritual events, merits were transferred on fallen naval war veterans and blessings were invoked on disabled naval war heroes, naval personnel both serving and retired, their family members and the Navy for its anniversary.
Meanwhile, a ‘Gilanpasa’ offering was held at the Temple of the Sacred Tooth Relic in Kandy on 08th December, with the attendance of Commander of the Navy. On 09th December, Commander of the Navy offered ‘Buddha Puja’ to the Sacred Tooth Relic and alms for the members of Maha Sangha have also been arranged at the Temple of the Sacred Tooth Relic. Further, an Aloka Puja, arranged by the Naval Buddhist Association, will be held at Sandahiru Seya on 09th December.
Coinciding with the anniversary celebrations, the Navy has also organized blood donation campaigns and several Shramdhana Campaigns in Naval Commands. Incidentally, over 750 naval personnel donated blood at donation campaigns organized in the Northern and Eastern Naval Command. In addition Shramdhana programmes were held in each Naval Command.
At the directives of Commander in Chief of Armed Forces and the President Hon. Ranil Wickremesinghe and under the able leadership of Commander of the Navy, Vice Admiral Nishantha Ulugetenne, the Navy is kept prepared in all respects to thwart any form of challenge emanating from the ocean. To this end, the Sri Lanka Navy has strengthened its fleet with high endurance sea units and trained its workforce to perform the Navy’s role and task diligently. In addition, the Navy is determined to perform the designated military, diplomatic and constabulary roles at all costs, in the best interests of the nation.
සටහන – නාවික හමුදා මාධ්‍ය අංශය