27 April 2024
#දේශීය

ටිනර්, ටර්පන්ටයින් හා දැව ආරක්ෂන පිලිබඳ තාක්ෂනික පුහුණු වැඩසටහනක්

කර්මාන්තයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන හෝ දැනට කර්මාන්තයේ නියැලෙන කර්මාන්තකරුවන් සඳහා තාක්ෂනික හුවමාරු වැඩසටහන් ආරම්භ කර ඇති බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසයි.

එය කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් සිදු කෙරුණු ඇත.

ඒ යටතේ දැව ආශ්‍රිත කර්මාන්ත සඳහා විශාල වශයෙන් භාවිතා වන තිනර් , ටර්පන්ටයින් හා දැව ආරක්ෂන නිෂ්පාදනය පිලිබඳ තාක්ෂනික හුවමාරු වැඩසටහනක් එළැඹෙන 16 වෙනිදා පෙරවරු 8.30 සිට සවස 4.30 දක්වා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තාක්ශනික සේවා අංශයේදී පැවැත්වේ.

එහිදී නිෂ්පාදන තාක්ෂනය,නිෂ්පාදන ක්‍රමවේද, ඇසුරුම්කරනය ඇතුලුසියලුම නිෂ්පාදන ක්‍රමවේද පුහුණුකරනු ලැබෙන අතර එම වැඩසටහනට සහභාගී වීම සඳහා ඔබ අදහස් කරන්නේනම් ඒ පිලිබඳ තොරතුරු 0112815009 හෝ 0112605278 , හෝ 1995 යන අංකයන්ට කතා කර ලබා ගත හැකි බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් පැවසිය. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *